අමතක නොකරන්න
මාගේ ඥාතී දියණියත් ඇගේ සිව් හැවිරිදි දියණිය වන කයිලිනුත් මාත් අනර්ඝ සෙනසුරාදා සන්ධ්‍යාවක් ගත කළෙමු. අප සබන් බෝල අරිමින් පාට පොත්වල පාට කරමින් සැන්ඩ්විචස් කමින් කාලය ගෙවීමු. ඔවුන් මෝටර් රථයට නැගී යන්නට සුදානම් වූ විට එහි වීදුරුව තුළින් කයිලින් මිහිරි හඬින් මට කීවේ “ඈන් නැන්දේ මාව අමතක කරන්න එපා” කියාය. මම ළඟට ගොස් ඇයගේ කණට කොඳුරමින් “මට කවදාවත් ඔයාව අමතක…
අල්ලාගෙන සිටින්න
මාගේ මාමා මෑතකදී 78 වන වියට පා තැබීය. ඔහුට ගෞරව කිරීම පිණිස අප පැවැත්වූ පවුලේ උත්සවයේදී කෙනෙකු ඔහුගෙන් ඇසුවේ “ඔබ මෙතෙක් කල් ඉගෙන ගත් වැදගත්ම දෙය කුමක්ද?” කියාය. ඔහුගේ පිළිතුර වූයේ “අල්ලා ගෙන ඉන්න” යන්නයි.
“අල්ලාගෙන ඉන්න”. එම වචන සරළ වැඩියයි සිතා අපට ඉවත දැමිය හැකිය. මාගේ මාමා අන්ධ ශුභවාදය හෝ ධනාත්මක චින්තනය හෝ ප්‍රචාරණය කළා නොවේ. දශක අටක කාලය…
කුණාටුවෙන් රැකවරණය
1763 දී තරුණ දේව සේවකයෙකු එංගලන්තයේ සමර්සෙට් පළාතේ කඳුවැටි සහිත ස්ථානයකින් යන විට වැස්සෙන් සහ විදුලිකෙටීම් වලින් බේරීමට ගුහාවක් තුළට ගියේය. එහි සිට ඔහු පිටත බලන විට දෙවියන්වහන්සේ තුළ සමාදානය සහ රැකවරණය ලැබීමේ දීමනාව ගැන ඔහු කල්පනා කළේය. එහි සිට ඔහු ගීතිකාවක් ලිවීම ආරම්භ කළේය. “යුගයේ පර්වතය මට ගුහාවක් වේ. එහි මට සැඟවෙන්න ඉඩ දෙන්න” (Rock of ages cleft for…
වංචාකාරයන් පිළිබඳ දෙවියන්වහන්සේගේ හදවත
“අපගේ ක්‍රීඩකයෙක් ඒක කළා නම් මම බොහෝ කලකිරෙයි” යනුවෙන් 2016 දී වංචාවක් සිදුකළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් ගැන තවත් පිළක ක්‍රීඩකයෙක් කීවේය. නමුත් වසර දෙකකට පසුව එලෙස කිවූ පුද්ගලයාම එවැනි වංචාවකට අසුවිය.
වංචාව තරම් අපව වියවුල් කරන දෙයක් නැති තරම්ය. උත්පත්ති 38 හි යූදාගේ කථාවේ යූදාගේ වංචාකාරිත්වය මරණිය ප්‍රතිවිපාකයක් ගෙන එන්න තිබුණි. තාමාර් සමග විවාහ වූ ඔහුගේ පුතුන් දෙදෙනෙකු මිය ගිය…
එය කියන දෙය කරන්න
තම සහෝදරයාගේ විවාහ උත්සවයේ පිළිගැනීමේ කර්තව්‍යය කළේ බ්‍රයන්ය. නමුත් ඔහු එතරම් කැපී පෙණුන පුද්ගලයෙකු නොවීය. පවුලේ අයගේ බලාපොරොත්තු සුන්වී ගිය බව කීම නුවමනාය. ඔහුගේ සහෝදරිය වන ජැස්මින් එදින දේව වචනය කියවීමට යොදා තිබුණි. ප්‍රේමය ගැන ප්‍රසිද්ධ 1 කොරින්ති 13 හි පද කිහිපය ඇය පැකිළීමෙන් තොරව අනර්ඝ ලෙස කියෙව්වාය. මංගල්‍යය උත්සවයෙන් පසු බ්‍රයන්ට උපන් දින තෑග්ගක් දෙන්න යයි ඇයගේ පියා ඇයට…
ඔබගේ යුධායුධ විශ්වාස කරන්න
තරුණ ලේඛකයෙකුව සිටින කාලයේ මා වැඩමුළුවලට සහභාගී වන විට මට මා ගැන ස්ථිරතාවයක් නොතිබුණි. මා වට පිට බලන විට මා දුටුවේ කාමර වල පිරී සිටින “ලේඛක යෝධයින්ය”. එනම් විධිමත් පුහුණුවක් ලැබූ හෝ වසර ගණන් අත්දැකීම් ඇති අයවළුන්ය. නමුත් මට තිබුණේ භාෂාවෙන් සැකසුණු දෙකන් සහ බයිබලයේ කිං ජේම්ස් අනුවාදයේ ස්වරය පමණි. එය මාගේ යුධායුධ විය. මාගේ ලිවීමට ඉවහල් වූ ලිවීමේ ක්‍රමය…
උන්වහන්සේ කුණාටු සංසිඳුවන සේක
ජීම් තම සේවා කණ්ඩායම නිසා ඉස්මතු වන ගැටළු එනම් බෙදීම්, විනිශ්චයකිරීම්, ආකල්ප සහ වැරදි වැටහීම් වැනි දේ ගැන අපි සමග බෙදාගත්තේය. ඔහුගේ ගැටළුවලට පැයක් පමණ ඉවසිල්ලෙන් ඇහුම්කන් දී මම යෝජනා කළේ “මේ තත්ත්වයේදී අපි කුමක් කළ යුතු දැයි යේසුස්වහන්සේ අපට කියන්නේ කුමක්දැයි උන්වහන්සේගෙන් අසමු” කියාය. අප විනාඩි පහක් නිශ්චලව සිටියෙමු. එවිට පුදුමාකාර දෙයක් සිදුවුනි. දේව ප්‍රේමය පොරෝණයක් සේ අපව වෙලා…
ප්‍රේමයේ දීර්ඝ හස්තය
මේරි ලී යනු අඩි 16 ක් දිගැති සුදු වර්ණ රාත්තල් 3500 ක් බරැති මෝරෙකි. සාගරය හදාරන්නෝ 2012 දී මෝරාගේ ශරීරයට ට්‍රාන්ස්මීටරයක් සවි කළෝය. ඌ මතුපිටට පැමිණෙන විට චන්ද්‍රිකාවලට ඇයව සොයා ගත හැකිය. අන්තර් ජාලය ඔස්සේ මේරි ලීගේ ගමන් බිමන් බොහෝ අය නිරීක්‍ෂණය කළෝය. පර්යේෂණ කරන අය සහ ජලය මත ක්‍රීඩා කරන්නෝද ඇයව දැන ගත්තෝය. සැතපුම් 40000 ක් පමණ දුරක් ඇයව…
සිවලුන් ඇල්ලීම
පළමුවර අපගේ නිවසට කුඩා වවුලෙකු ඇතුල් වූ විට වැරදීමකින් එන්න ඇතැයි අපි සිතා ගතිමු. නමුත් දෙවන වරත් රාත්‍රියෙහිදී එකෙක් ඇතුල් විය. මා උන් ගැන කියවීමි. ඇතුල්වීමට කුඩා හිඩැසක් උන්ට ඇති බව මම දැන ගතිමි. කාසියක හිඩැසක් තිබුණත් කුඩා උන්ට ඇතුල් විය හැකිය.
ඒ හෙයින් මම පොටි ඉසින තුවක්කුව රැගෙන දූත ගමනක ගියෙමි. මම නිවස වටේ ගියෙමි. සියලු කුඩා සිදුරු වසා…
කන්න නැවත නැවත කන්න
කේරී සහ පෝල් විවාහ වූ විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් උයන්න දැන සිටියේ නැත. එක් රාත්‍රියක ස්පැගටි සාදන්න කේරී තීරණය කළාය. ඒවා වැඩි වූ නිසා පසුදා රාත්‍රීයේද ඔව්හු ඒක කෑවෝය. තුන්වන දින පෝල් ස්වෙච්ඡාවෙන් ඉවීමට ඉදිරිපත් විය. ඔහු පැස්ටා සහ සෝස් දෙගුණ කළේය. සති අන්තයටම එය ඇතිවනු ඇතැයි ඔහු කල්පනා කළේය. ඒ රාත්‍රීයේ ඔව්හු කැමට වාඩිවූ විට “මට ස්පැගටි එපා…