උතුරා යෑම
නැහැ! නැහැ! නැහැ! නැහැ! මම මොර ගැසුවෙමි. නමුත් එය උපකාර වූයේ නැත. ටිකක්වත් නැත. අපගේ පයිප්ප ගැටළුවට මාගේ විශිෂ්ඨ විසඳුම නැවතත් වැරදිණි. මා බලාපොරොත්තු වූ දෙයෙහි විරුද්ධ පැත්ත ක‍්‍රියාත්මක විය. ලීවරය පහතට දැමූ විටම මා වරදක් කළ බව මට වැටහිණි. වතුර උතුරා යනු මම අසරණයෙකු මෙන් බලා සිටියෙමි.
අපගේ දරුවන් කිරි වත්කරන විට කී වරක් වරද්දා ගෙන ඇත්ද? සුදු කිරි…
දෙවියන්වහන්සේ යහපත් බව පැසසීම
"අපගේ ගීතිකාව අපි ලියමු" කියා අපගේ බයිබල් අධ්‍යයනයේ කෙනෙක් යෝජනා කළේය. මුලින් සමහරු විරුද්ධත්වය දැක්වූහ. ලිවීමේ හැකියාව තමන්ට නැතැයි ඔව්හූ කීවෝය. පසුව යම් දිරිමත් කිරීම් වලින් පසු සැම කෙනාම තම ජීවිතවල දෙවියන්වහන්සේ කළ දේවල් ගැන සිත් කාවදින කාව්‍යමය ගීතිකා ලීවෝය. සෝදිසි, ආරක්‍ෂා, සැපයීම්, වේදනා සහ කඳුළු තුළින් අපගේ ගීතිකාවලට අනගි තේමාවන් පැමිණියේය. ගීතාවලිය 136 මෙන් සෑම ගීතිකාවක්ම දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය සදහටම…
අනුගමනය කිරීමට නිදහස තිබේ
උසස් පාසැලේ දුර දිවීමේ පහුණුකරු වරක් මට කීවේ "ඉස්සරහින් දුවන්න එපා. නායකයින් ඉක්මණින් වෙහෙසට පත් වෙනවා" කියාය. ඒ වෙනුවට මුලින් දුවන අය අසළින්ම දිවීමට ඔහු මට අවවාද කළේය. ඔවුන් පසුපසින් යන විට මාගේ මානසික සහ භෞතික ශක්තිය රැක ගෙන තරඟය අවසන් කිරීමට මට පහසුය.
නායකත්වය වෙහෙසට පත් කරයි. අනුගමනය පහසුය. එය දැන ගැනීම මාගේ දිවීම දියුණු කළේය. නමුත් කිතුණු ගෝලත්වයට…
දෙවියන්වහන්සේ ක‍්‍රියාකරමින් සිටින සේක
"දෙවියන්වහන්සේ මෑතකදී කෙසේ ක‍්‍රියා කර ඇත්දැයි කියා ඔබ දුටුවේද?" මම මිතුරන් කිහිප දෙනෙකුගෙන් ඇසීමි. "මා බයිබලය සෑම උදෑසනකම කියවන විට මම උන්වහන්සේගේ ක‍්‍රියාකාරිත්වය දකිමි. සෑම අලුත් දිනකටම මුහුණ දීමට උන්වහන්සේ උපකාර කරන ආකාරය මම දකිමි. උන්වහන්සේ සෑම මොහොතකම මා සමග සිටිය බව මම දැන ගන්නෙමි. උන්වහන්සේ මට ප‍්‍රීතිය දෙන අතර අභියෝගවලට මුහුණ දීමට මට උදව් කළ බවද මම දනිමි". ඔහුගේ…
පෙනෙනවාට වඩා වෙනස්
"අහගෙන ඉන්න" මාගේ භාර්යාව දුරකථනයෙන් කීවාය. අපේ වත්තට වඳුරෙක් ඇවිල්ලා මට ඇසෙන ලෙස ඇය දුරකථනය ඒ දෙසට දිගු කර ගෙන සිටියාය. ඒ හඬ වඳුරෙක්ගේ වාගේමය. නමුත් එය විශ්වාස කිරීමට අසීරුය. ඊට හේතුව සමීපම වඳුරා සිටින්නේ සැතපුම් 2000 කට එහාය.
පසුව මගේ මාමා හරි කාරණය සොයා ගත්තේය. ඒ ලොකු බකමූණෙක්. සත්‍යය පෙනෙන ආකාරයට වඩා වෙනස්ය.
සෙනකෙරිබ් රජුගේ හමුදා හෙසකියාව යෙරුසලමේ තාප්ප…
ස්වර්ගයෙහි වස්තුව
මා හැදෙන වැඩෙන කාලයෙහි කේදාර් ලී වලින් සාදන ලද විශාල පෙට්ටිය මත මාත් මාගේ සහෝදරියන් දෙදෙනාත් හිඳ ගන්නෙමු. මාගේ මව අපගේ ලොම් කබා තැබුවේ එහිය. එසේම ආච්චි අම්මා විසින් ගෙත්තම් කළ විවිධ අත් වැඩද එහි විය. එම වටිනා ඇඳුම් කාවන්ගෙන් ආරක්‍ෂා කිරීමට කේදාර් ලීයේ දැඩි සුවඳ මත ඇය විශ්වාසය තැබුවාය.
බොහෝ ලෞකික වස්තූන් කෘමින් හෝ මළකඩ වලින් ඉක්මණින් විනාශ වීමට…
කාලය ගන්න
රීමා සිරියානු කාන්තාවකි. ඇය මෑතකදී ඇමෙරිකාවට පැමිණ ඇත. අය තම භාෂා ගරුවරයාට ඇය දුකෙන් සිටීමට හේතුව පැහැදිළි කිරීමට අතින් පයින් සහ සීමිත ඉංග‍්‍රීසියෙන් කීමට උත්සාහ කළාය. ඇය කඳුළු ගළා බසින කම්මුල් සහිතව මස්, චීස් සහ නිවිති වලින් සෑදු අලංකාර කෑමක් පිළිගන්වමිනි. "එක් අයෙක් පමණයි" ඇය දොරේ සිට සාලය දක්වාද නැවත දොර දක්වාද අතින් පෙන්වූවාය. ගුරුවරයා තේරුම් ගත්තේ සභාවකින් කිහිප දෙනෙක්…
සාමය අල්ලා ගෙන සිටීම
දැරිය නොහකි වේදනාව සමග මාගේ අරගලය සමග යමින් දෙවියන්වහන්සේ අල්ලා ගෙන සිටින මට කුඩා ගැටළුවක් හෝ පෙනෙන්නේ දරුණු සතුරු ප‍්‍රහාරයක් ලෙසිනි. ප‍්‍රශ්න අංක එක ඉදිරියෙන් පහර දෙන විට අංක 2 පිටුපසින් පහර දෙන්නේය. තුන්වන ගැටළුව මාගේ නාසය හරහා පහරක් දෙන්නේය. මෙවැනි අවස්ථාවලදී මාගේ ශක්තිය අවසන්වී ක්‍ෂණික සහනය මා මඟ හරින විට දුවගොස් සැඟවීම හොඳ අදහසක් මෙන් පෙනී යන්නේය. නමුත් මාගේ…
දුර ඇති දේශයක්
ඇමී කාමයිකල් (1867-1951) ප‍්‍රසිද්ධ වූයේ ඉන්දියාවේ අනාථ ළමයින් මුදවා ඔවුන්ට අලුත් ජීවිතයක් දීමට ක‍්‍රියා කිරීම නිසාය. වෙහෙසවී වැඩ කරන කාලයක් අතරතුර සමහර කාලයන් ඇය නම් කළේ "දර්ශනයේ මොහොත" ලෙසය. "සඳ එළියේ රත‍්‍රං" යන ඇයගේ පොතෙහි ඇය ලීවේ කාර්ය බහුල දිනවල අතර මැද අපට දුර ඇති "දේශය" ගැන දර්ශනයක් ලැබෙන බවය. එවිට අපගේ ගමන නවතා නිසලව අපි බලා සිටින්නෙමු කියාය.
යෙසායා…
නැවත හැරිය නොහැකි ලක්‍ෂ්‍ය
එය වෙනත් ගංගාවක් හරහා යනවාක් මෙන් පහසු නොවේ. නීතිය අනුව කිසිම රෝම හමුදාපතියෙකුට තම භට කණ්ඩායම රෝමයට ගෙන ගිය නොහැකිය. ඒහෙයින් ක‍්‍රි.පූ. 49 දී ඉතාලියට රුබීකොන් ගඟ හරහා ජූලියස් සීසර් තම 13 වන කණ්ඩායම ගෙන ගිය විට සීසර්ගේ තීරණය නැවත හැරවිය හැක්කක් නොවීය. එහි බලපෑමද නැවත හැරවිය නොහැකිය. වසර ගණනාවක සිවිල් යුද්ධයක් එයින් මතු විය. පසුව ඔහු රෝමයේ පරම පාලකයා…