1920 ගණන් වලදී නවකයෙකුවූ බොබී ජෝන්ස්, ගොල්ෆ් ලොව පාලනය කළේය. ඔහුගේ ජීවිතය ගැන චිත‍්‍රපටියක්වූ “බොබී ජෝන්ස්ගේ නිපුන පහර” යන්නෙහි එක් දර්ශනයක වෘත්තීය ගොල්ෆ් ක‍්‍රිඩකයෙකු බොබීගෙන් අසන්නේ නවකයෙකුසේ නොඉඳ ගොල්ෆ් වෘත්තිකයෙකුවී අන් අයමෙන් මුදල් ග‍්‍රහණය කරන්නේ කවදාද කියාය. ජෝන්ස් පිළිතුරු දෙන්නේ ඉංග‍්‍රීසියෙන් ක‍්‍රීඩාවේ නවකයාට කියන ඇමචර් යන වචනය බීඳී එන්නේ ලතින් වචනයක් වන “ඇමෝ” එනම් පේ‍්‍රමයෙන් බවය. ඔහුගේ පිළිතුර පැහැදිලිය. ඔහු ගොල්ෆ් ක‍්‍රීඩා කළේ ඔහු එයට අදරය කළ නිසාය.

අපගේ අරමුණ, අප කරනදේ කරන්නේ කුමක් නිසාද? යන කාරණය තුළ විශාල බලපෑමක් තිබේ. මෙය අනිවාර්යයෙන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට අදාල වේ. කොරින්ති සභාවට ලියන ලිපියෙහි පාවුල් එ් ගැන අපට උදාහරණයක් දෙයි. මෙම ලිපිය පුරා පාවුල් තමාගේ හැසිරීම සහ චරිතය ගැන සාක්ෂි ඉදිරිපත් කර තමා ක‍්‍රිස්තුස්වහන්සේගේ අපොස්තුළුවරයෙකු ලෙස හඳුන්වා දෙයි. එසේ කරන්නේ ඔහුගේ මෙහෙයේ අරමුණු ගැන ප‍්‍රශ්න කළ අයට ප‍්‍රතිචාරයක් ලෙසය. පාවුල් කිවේ “මක්නිසාද ක‍්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක්කෙනෙක් සියල්ලන් වෙනුවෙන් මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණේය කියාත්, උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය” කියාය (2 කොරින්ති 5:14-15).

අපට ඇති ශ්‍රේෂ්ඨතම පෙළඹවීම ක‍්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයයි. තමන් වෙනුවෙන් ජීවත් නොවී උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට එය හේතුවිය.