සෑම වසන්ත සෘතුවකම විශ්වවිද්‍යාල, තම උපාධි සාර්ථකව නිම කළ සිසුන් ඇගයීමට උපාධි ප‍්‍රධානෝත්සව පවත්වති. වේදිකාවෙන් බැසගිය පසු මෙම උපාධිධාරීහු තමන්ට අභියෝගයක් එල්ල කරන ලෝකයකට මුහුණ දෙති. අධ්‍යාපන දැනුම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ජීවිතයේ සාර්ථකත්වයට යතුර නම් ඔවුන් ඉගෙන ගත් සියල්ල නැණවත්ව අදාල කරගැනීම වේ.

බයිබලය පුරා ප‍්‍රඥාව, සෙවීමට වටිනා වස්තුවක් ලෙස සමරනු ලැබේ. එය වස්තුවකට වඩා හොඳය (හිතෝපදේශ 3:13-18). එහි මූලාශ‍්‍රය දෙවියන්වහන්සේය. පරිපූර්ණ ලෙස ඥාණවන්ත වන්නේ උන්වහන්සේ පමණි (රෝම 16:27). යේසුස්වහන්සේගේ ආකල්ප සහ ක‍්‍රියාවන් තුළ ප‍්‍රඥාව පෙන්නුම් කෙරෙණි. උන්වහන්සේ “තුළ ප‍්‍රඥාවේත් දැනගැන්මේත් සියලු වස්තු නිධාන කර ඇත්තේය” (කොලොස්සි 2:3). ප‍්‍රඥාව පැමිණෙන්නේ දේව වචනය කියවා අදාල කර ගැනීමෙනි. යේසුස්වහන්සේට පරීක්ෂාව පැමිණි විට උන්වහන්සේ තම දැනගැන්ම භාවිතා කළ ආකාරය තුළ අපට ඒ පිළිබඳව උදාහරණයක් හමුවේ (ලූක් 4:1-13). තවත් වචනයකින් කියන්නේ නම් සත්‍ය වශයෙන් ප‍්‍රඥාවත් පුද්ගලයා ජීවිතය දෙස දෙවියන්වහන්සේගේ දැක්මෙන් බැලීමට උත්සාහ කරන අතරම උන්වහන්සේගේ ප‍්‍රඥාවට අනුව ජීවත් වීටම උත්සාහ දරයි.

මෙවැනි ජීවිතයකට ලැබෙන වාසිය කුමක්ද? හිතෝපදේශ පවසන්නේ ප‍්‍රඥාව දිවට වැටෙන මී පැණිවල ඇති මිහිර ලෙසය (හිතෝපදේශ 24:13-14). “ප‍්‍රඥාව සොයාගන්න (මනුෂ්‍යයෝ) වාසනාවන්තයෝය” (3:13). එහෙයින් ප‍්‍රඥාව සොයන්න. එය රන්, රිදී, වලට වඩා වටින්නේය.