බොහෝ අන්තර්ජාල ප‍්‍රවෘත්ති වල පහළටම කියවන්න. එවිට “ඔබගේ අදහස්” යන කොටස ඔබට හමුවේ. එහි පාඨකයන්ට තම නිරීක්ෂණ ලිවිය හැක. ප‍්‍රසිද්ධම අන්තර්ජාල අඩවිවල පවා කෲර ප‍්‍රකාශ, නිර්ණාමික අපහාස සහ නම් දැමීම් වල අඩුවක් නැත.

හිතෝපදේශ පොත එකතුකරන ලද්දේ වසර 3000කට පමණ පෙරය. එහෙත් එහි ඇති සැම කාලයටම වටිනා ප‍්‍රඥාව දැන් ලැබෙන ප‍්‍රවෘත්ති මෙන් නැවුම්ය. 26වන පරිච්ජේදයෙහි ඇති හිතෝපදේශ දෙකක් බැලූ බැල්මට එකිනෙකට පරස්පර විරෝධී බවක් පෙන්වයි. එහෙත් එ්වා සමාජ මාධ්‍යයට හොඳින් අදාලය. “අඥානයාට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න” (4 පදය) “අඥානයා තමා ප‍්‍රඥාවන්තයෙකැයි නොසිතන හැටියට ඔහුගේ මෝඩකමේ හැටියට උත්තර දෙන්න” (5 පදය).

එම ප‍්‍රකාශයන්ගේ සමතුළිතතාව ඇත්තේ “හැටියට” යන වචනයෙහිය. මෝඩයෙකු උත්තර දෙන්නාවූ ලෙස උත්තර නොදෙන්න. මෝඩකම ප‍්‍රඥාව ලෙස ගණන් නොගැනෙන ලෙස ප‍්‍රතිචාර දක්වන්න.

මාගේ ගැටළුව නම් මට බොහෝ විට හමුවන මෝඩකම මාගේමය. සමහර විට මම උපහාසාත්මක ප‍්‍රකාශ ඇතුල් කරමි. තවත් සමහර විට ඔවුන්ගේ ප‍්‍රකාශ ඔවුන්ටම හරවමි. ඔවුන් මෝඩවුවද එවැනි අගෞරවයකින් අප මනුෂ්‍යයන්ට සැලකීම ගැන දෙවියන්වහන්සේ වෛරකරනසේක.

දෙවියන්වහන්සේ අපට පුදුමාකාර නිදහස්කමේ පරාසයක් දෙනසේක. අප කියන දෙය තෝරාගැනීමට අපට නිදහස ඇත. එසේම එය කෙසේ කියන්නදැයි නිදහසද ඇත. තවද උන්වහන්සේගෙන් ප‍්‍රඥාව ඉල්ලීමට අපට සැම විට නිදහස ඇත.