“සැම දෙනාම එ්ක කරනවා” යන්න මා තරුණ කාලයේ ජයග‍්‍රාහී තර්කයක් ලෙස පෙණුනි. ඔවුන් අනාරක්ෂිත හෝ අඥාන යැයි සිතූ දෙයකට අවසර ගැනීමට මා එසේ උත්සාහ කළද මාගේ දෙමව්පියෝ එවැනි ආයාචනාවලට අසු නොවූහ. අප වැඩි වියට පත්වන විට අපගේ මාර්ගයේ යන පිණිස අපගේ තර්ක සහ සමාවට හේතු අපි එකතුකර ගනිමු. “මින් කාටවත් හානියක් වෙන්නේ නැහැ.” “එය නීති විරෝධී නැහැ.” “මුලින් මට එසේ කළේ ඔහුයි.” “ඇය දැනගන්න එකක් නැහැ.” එම මතවලට පිටුපසින් ඇත්තේ අනිත් සියල්ලට වඩා මට අවශ්‍ය දෙය වැදගත්ය යන අදහසය.

කෙමෙන් මෙම වැරදි සිතීමේ ක‍්‍රමය, දෙවියන්වහන්සේ ගැන අපගේ විශ්වාසයන් ගේ පදනම බවටද පත්වේ. අප විශ්වාසකිරීමට තෝරාගන්නා එක් බොරුවක් නම් දෙවියන්වහන්සේ නොව අප විශ්වයේ මධ්‍යය වේ යන්නයි. අපට නිදහසේ, ප‍්‍රීතියෙන් සිටිය හැක්කේ ලෝකය අපගේ ආශාවන්ට අනුව හැඩගස්වාගත හොත් පමණකැයි අපි සිතන්නෙමු. එම බොරුව සිතට ප‍්‍රියවන්නේ අපට අවශ්‍ය දෙය පහසුවෙන් ඉක්මනින් ලබාගත හැකි ක‍්‍රමයක් අපට පොරොන්දුවන බැවිනි. “දෙවියන්වහන්සේ ප්‍රේමයය. එහෙයින් මා ප‍්‍රීතිවන ඕනෑම දෙයක් කිරීමට උන්වහන්සේ කැමතිය”යි එය තර්ක කරයි. එහෙත් ඉන් ප‍්‍රීතිය නොව සිත්තැවුල ගෙන දෙයි.

තමන් විශ්වාස කරන අයට යේසුස්වහන්සේ කීවේ සත්‍යය ඔවුන් සැබවින් නිදහස් කරන බවය (යොහන් 8:31:32). එහෙත් “පව්කරන සියල්ලෝ පාපයේ වහල්ලුය”යි උන්වහන්සේ අනතුරු ඇෙඟවූසේක (34 පදය). සම්පූර්ණ තෘප්තිමත් ජීවිතයකට එකම මාර්ගය යේසුස්වහන්සේය යන සත්‍යය අප පිළිගත් විට අපට ලැබෙන නිදහසෙන් හොඳම වර්ගයේ ප‍්‍රීතිය ලැබේ.