ඇයගේ පියා කූඩු නැති සත්ත්ව උද්‍යානයක් සඳහා අක්කර 7ක් මිලට ගන්නා විට ජූන් විලියම්ස්ට වයස අවුරුදු 4කි. රැකවල් ඇති ස්ථානයක වුවද නිදහස් හැඟීමකින් වන සතුන්ට ජීවත් වීමට ඉඩ දීමට ඇයගේ පියා කෙතරම් නිර්මානශීලී වූයේද යන්න හැදී වැඩෙන අතර ජූන් දුටුවාය. අද චෙස්ටර් සත්වෝද්‍යානය එංගලන්තයේ වඩාත් ජනප‍්‍රිය වනජීවී ආකර්ෂණයක් වී ඇත. අක්කර 110ක් පුරා විහිදී ඇති වන සතුන් 11,000කට සෙවණ සලසන එම සත්ත්වෝද්‍යානය, ඇයගේ පියා සතුන් ගැන දැක්වූ සැලකිල්ල, උන් අධ්‍යයනය කිරීමට සහ රැක ගැනීමට දැක්වූ උනන්දුව නිරූපණය කරයි.

සාලමොන්ද විශාල සහ කුඩා සතුන් ගැන එවැනිම උනන්දුවක් දැක්වීය. මැද පෙරදිග වන ජීවීන් අධ්‍යයනය කිරීමට අමතරව ඔහු දුර රටවලින් වඳුරන් වැනි සතුන් ආනයනය කළේය (1 රාජාවලිය 10:22). ඔහුගේ එක් හිතෝපදේශයක් අපට පෙන්වා දෙන්නේ ස්වභාවධර්මය පිළිබඳ සාලමොන්ගේ දැනුම බුද්ධිමය කුතුහලයට එහා ගිය බවය. අප, අපගේ සතුන්ට සලකන ආකාරය පිළිබඳ ආත්මික උපමාවන් ප‍්‍රකාශ කරන විට මැවුම්කරුවාණන්ගේ හදවත ඔහු පෙන්නුම් කළේය. “ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප‍්‍රාණය ගැන සලකන්නේය. එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය” (හිතෝපදේශ 12:10).

අපගේ මැවුම්කරුවාණන් සමඟ අපට ඇති සම්බන්ධතාවය අප, සෙනඟට සලකන ආකාරයට පමණක් නොව අපගේ පාලනයේ සිටින සතුන්ට අප දක්වන සැලකිල්ලටද බලපාන බව දෙවියන්වහන්සේ දුන් ප‍්‍රඥාවෙන් සාලමොන් දුටුවේය.