විශේෂ උත්සවයකට මාගේ නිවස පිරිසිදු කරන විට, එන අමුත්තෝ මා පවිත‍්‍ර කරන දේ නොව මට අතපසු වනදේ දකින බව සිතා මම අධෛර්යමත් වෙමි. එ් සමඟ විශාල දාර්ශනික සහ ආත්මික ප‍්‍රශ්නයක් මනසට එයි: මනුෂ්‍යයින් වඩා ඉක්මනින් හරි දෙයට වඩා වැරදි දෙය දකින්නේ ඇයි? කරුණාවන්තකමට වඩා අපි අකරුණාව මතක තබා ගන්නෙමු. ත්‍යාගශීලී කාරණාවලට වඩා අපරාධ අවධානයට ලක්වේ. අප අවට ඇති අනර්ඝ අලංකාරයට වඩා ව්‍යසනයන් අපගේ අවධානය ගනී.

එහෙත් එවිට මට තේරුම් ගියේ දෙවියන්වහන්සේ ගැන ද මා එලෙස සිතන බවය. උන්වහන්සේ කළ දේවලට වඩා නොකළදේ ගැන මම සිතමි. මට ඇතිදේට වඩා නැතිදේ ගැන සිතමි. උන්වහන්සේ විසඳු ගැටලු වලට වඩා නොවිසඳු ගැටලු ගැන කල්පනා කරමි.

යෝබ් පොත මා කියවන විට මට පෙනී යන්නේ දෙවියන්වහන්සේ ද අප මෙන්ම එයට කැමති නැති බවය. වසර ගණනාවක් සමෘද්ධිය අත්දුටු යෝබ්, කටුක ඛේදවාචකයන් පෙළක් අත්දුටුවේය. දිනයෙන් එ්වා ඔහුගේ ජීවිතයේ සහ සාකච්ඡුාවේ තේමාව බවට පත්විය. අවසානයේ දෙවියන්වහන්සේ මැදිහත්වී උන්වහන්සේගේ සර්වාධිපත්‍යය ගැනද යෝබ් නොදන්නා, නොදකින දේවල් පිළිබඳවද ඔහුට මතක් කරමින් යෝබ්ගෙන් දැඩි ප‍්‍රශ්න කිහිපයක් ඇසූසේක. (යෝබ් 38:40).

මා සෘණාත්මක දේ ගැන සිතීම ආරම්භ කරන විට එය නවතා, යෝබ්ගේ ජීවිතය ගැන සලකා, දෙවියන්වහන්සේ කර ඇති සහ ඉදිරියට කරන්නාවූ පුදුමාකාර දේ ගැන සිතීමට මට මතක්වේ යැයි මම බලාපොරොත්තුවෙමි