ඝානාවේ සෙනඟ මරණ දැන්වීම්, පුවරුවලද තාප්පවලද සතිපතා ගසති.  “ගියා ඉක්මන් වැඩියි”  “ජීවිතය සමරමු”  ”මොන පුදුමයක්ද?”  යන මාතෘකා යටතේ මොලොව හැර ගිය පේ‍්‍රමණීය අයගේ විස්තරද අවමංගල්‍ය දිනය පිළිබඳ විස්තරද
සඳහන් කරති. මා කියවූ එක් මාතෘකාවක් නම්  “සංක‍්‍රාන්තියේදී”  ය. ඉන් පෙන්නුම් කරන්නේ සොහොනින් පසු එන ජීවිතයයි.

සමීප ඥාතියෙකු හෝ මිතුරෙකු මිය ගිය විට ලාසරුස් ගැන ඔහුගේ සහෝදරියන් වන මරියා සහ මාර්තා කළ ලෙස අපි ද දුක්වෙමු (යොහන් 11:17- 27). අපගෙන් වියෝවූ අය අපට මතක් වේ. අපගේ සිත් බිඳී අපි හඬන්නෙමු. එ් තම මිතුරා මියගිය විට යේසුස්වහන්සේ හැඬූ ලෙසය (35 පදය).

එහෙත් මේ දුක්බර මොහෝතේදී යේසුස්වහන්සේ මරණින් පසු ජීවිතය ගැන අනර්ඝ ප‍්‍රකාශයක් කළසේක.  “නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත් වන්නේය” (25 පදය).

එ් පදනම මත අප මියගිය ඇදහිලිවන්තයින්ට දෙන්නේ තාවකාලික සමුගැනීමක් පමණි. ඊට හේතුව ඔව්නු “නිතරම ස්වාමින්වහන්සේ සමඟ”  සිටින නිසාය (1තෙසලෝනික 4:17). අනිවාර්යයෙන් සමුගැනීම් වේදනාකාරීය, එහෙත් අපට සහතික ලෙස කිවහැක්කේ ඔවුන් සිටින්නේ ස්වාමින්වහන්සේගේ ආරදිිත හස්තයේ කියාය.

“සංක‍්‍රාන්තියේදී” යන්නෙන් අදහස් කරන්නේ අප එක් තත්ත්වයකින් තවත් තත්ත්වයකට වෙනස් වීමකි. ලෝකයේ ජීවිතය අවසන් වුවද යේසුස්වහන්සේ සිටින එම ලෝකයෙහි සදාකාලයටද වඩා යහපත්වද අපි ජීවත්වන්නෙමු.  “ඉන්නිසා මේ වචන වලින් එකිනෙකා සනසා ගන්න” (18 පදය).