1922දී මිසර රජෙකුවූ ටූටන්කාමන්ගේ සොහොන සොයාගත් විට එය පිරී තිබුණේ මතු ලෝකයට අවශ්‍ය යැයි පුරාණ මිසරයන් සිතා සිටි දේවලිනි. එ් අතර රූප, රන් ආභරණ, ඇඳුම්, ලී බඩු, යුදායුධ, සහ පැණි බෝතලයක්ද විය. වසර 3200කට පසුවද එය කෑමට සුදුසු විය.

අද අපි පැණි ගැන සිතන්නේ පැණි රසයක් ලෙසය. එහෙත් පුරාණ ලෝකයේ එය බොහේ දේවලට භාවිතා විය. ජීවිතය නඩත්තු කිරීමට අවශ්‍ය සියලු අංග පැණි වල ඇති බවට විශ්වාසයක් විය. එහෙයින් එය ආහාරයට ගත යුතු විය. ඊට අමතරව පැණි වල ඖෂධීය ගුණාංග තිබිණි. ආසාදන නැවැත්වීමට හැකියාව තිබූ නිසා තුවාල වලට පැණි යෙදිණි.

ඉශ‍්‍රායෙල් සෙනඟ මිසරයෙන් මුදවා ගත් විට “කිරි සහ මී පැණි ගාලයන්නාවූ දේශයකට” ඔවුන් යැවීමට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක (නික්මයාව 3:8,17). එය බහුලත්වයේ සංකේතයක් විය. පාපය නිසා ඔවුන්ගේ ගමන ප‍්‍රමාදවූ විට දෙවියන්වහන්සේ ඔවුන්ට මන්නා දුන් සේක. එය මී පැණි රස විය (16:31). ඉශ‍්‍රායෙල්වරු එකම ආහාරය සැමදා ගැනීමට සිදු වීම ගැන කොඳුරුවෝය. එහෙත් එ් ඔවුන් පොරොන්දු දේශයේ අත්දැකීමට යන්නාවූ දේ ගැන දයාවන්ත මතක් කිරීමක් විය.

අද ද දෙවියන්වහන්සේ පැණිවලින් අපට මතක් කරන්නේ උන්වහන්සේගේ වචන මීවදයට වඩා මිහිරි බවය (ගීතාවලිය 19:10). එහෙයින් අපගේ වචනද අප කන මී පැණි වලට සමාන විය යුතුය. එයින් සුවයද මිහිරද ලැබිය යුතුය.