වසර 30 කදී වැඩිම ශීත කාලය මගේ ගමට ලැබී ඇත. නොනවතින හිම ඉවත් කිරීමට පැය ගණනක් හබල් ගැසූ නිසා මාගේ දෑත් කකියයි. ඵලක් නැති දෙයක් කර ගෙදරට පා තැබූ බවක් මට හැඟිණී. මම සපත්තු පැත්තකට විසී කළෙමි. නමුත් ගිණිමැලයේ උණුසුමින් මා පිළිගැණින. මාගේ දරුවෝ ඒ අවට සිටියෝය. මාගේ නිවසේ සෙවණේ සිට පිටත බලන විට මා කාළගුණය ගැන සිතා සිටි ආකාරය වෙනස් විය. කළ යුතු වැඩ දෙස නොබලා හිම වලින් අලංකාර ලෙස සැරසුණ ශාඛයන් සහ පොළෙව මත බුමුතුරුණයක් ලෙස වැටී ඇති හිම දෙසද බැලීමි.

ආසාප්ගේ දැක්මෙහිද ඊට වඩා තියුණු වෙනසක් ගීතාවලිය 73 හි මම දකිමි. ආරම්භයෙහි ලෝකය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු විලාප ගන්නේය. වැරදි වැඩ වලට ප‍්‍රතිඵල ලැබෙන ආකාරය ගැන කියන්නේය. බහුතරයට වඩා වෙනස් විධියට හැසිරීම ගැනද අන් අයගේ යහපත් වෙනුවෙන් ජීවත්වීම ගැනද ඔහු සැක පහළ කරයි (13 පදය). නමුත් ඔහු දෙයන්වහන්සේගේ ගෘහයට ඇතුල් වූ විට ඔහුගේ දැක්ම වෙනස් වේ (16-17 පද). ලෝකය ගැනත් එහි ඇති කරදර ගැනත් දෙවියන්වහන්සේ පරීපූර්ණ ලෙස ක‍්‍රියා කරනු ඇති බවත් ඔහුට මතක් වේ. ඊටත් වඩා දෙවියන්වහන්සේ සමග සිටීම යහපත් බවද ඔහුට සිහිවේ (28 පදය).

ලෝකයෙහි නොනවතින ගැටළු ගැන සිතා අපි අකර්මණ්‍ය වන විට අපට යාච්ඤාවෙන් දේව ගෘහයට ඇතුල් විය හැකිය. ජීවිතය වෙනස් කරන දැක්ම වෙනතකට හරවන සත්‍යය නිසා උණුසුම ලැබිය හැකිය. ඒ උන්වහන්සේගේ විනිශ්චය අපගේ විනිශ්චයට වඩා හොඳ බවය. අපගේ වටා පිටාව වෙනස් නොවුණද අපගේ දැක්ම වෙනස් විය හැකිය.