කුඩා කාලයේදී මට තනිකම, ප‍්‍රතික්‍ෂේපය හෝ මා ගැනම දුක දැනුන විට මාගේ මව කුඩා කවියක් කියා මා සැනසීමට උත්සාහ කරන්නීය. “මට කවුරුත් කැමති නැහැ. සෑම කෙනාම මාත් එක්ක තරහයි. මම ගොසින් පණුවෝ කන්නෙමි”. මාගේ දුක්බර මුහුණට සිනහවක් පැමිණි විට කෘතඥ වීමට බොහෝ හේතු සහ සම්බන්ධතා ඇය මට පෙන්වා දෙන්නීය. ඇත්තෙන්ම ඒවා මා වෙත තිබුණි.

තමා ගැන කිසිවෙකු සළකන්නේ නැතැයි දාවිත්ට හැඟුණු ආකාරය මම කියවද්දී එම කවිය මට මතක් වුණී. නුමුත් දාවිත්ගේ වේදනාව අතිශයෝක්තියක් නොවේ. තමාව අත්හැර ඇති බව සිතීමට දාවිත්ට සාධාරණ හේතු තිබුණි. ඔහු මෙය ලීවේ සාවුල් නිසා ඔහු ගුහාවක සැඟවී සිටි විටකය. සාවුල් ඔහු මරන්නට සෙවීය (1 සාමුවෙල් 22:1; 24:3-10). ඉශ‍්‍රායලයේ අනාගත රජු ලෙස දාවිත්ව ආලේප කර තිබුණි (16:13). වසර ගණනාවක් සාවුල්ට ඔහු සේවය කර තිබුණි. නමුත් ඔහු තම ජීවිතය ගැන බියෙන් දුවමින් සිටියේය. දාවිත්ට හැඟුණු තනිකම මධ්‍යයෙහි දාවිත් තම රැකවරණය සහ ජීවතුන්ගේ දේශයෙහි තම කොටස වන දෙවියන්වහන්සේට මොර ගැසීය (142:5).

දාවිත් මෙන් අපට තනිකම හැඟෙන විට දෙවියන්වහන්සේට මොර ගැසීමට අපට හැකිය. උන්වහන්සේගේ පේ‍්‍රමයේ රැකවරණය මධ්‍යයෙහි උන්වහන්සේට මොර ගැසීමට අපට පුළුවන. දෙවියන්වහන්සේ අපගේ තනිකම අවම ලෙස සිතන්නේ නැත. අපගේ අන්ධකාර ගුහාවල අප සමඟ සිටීමට උන්වහන්සේට අවශ්‍ය වේ. කිසිවෙක් අප ගැන නොසිතන බව අපට සිතෙන විට දෙවියන්වහන්සේ අපට සළකන සේක.