මෑතකදී මගේ භාර්යාව වන කෙරීට කටහඬ තාක්‍ෂණය භාවිතා කර කෙටි පණිවුඩයක් යැව්වෙමි. ඇය වැඩ කරන ස්ථානයේ සිට නිවසට ඇය ගෙන ඒම පිණිස මම නිවසින් පිටවෙමින් සිටියෙමි. “ඔබව මම හමුවිය යුත්තේ කොහේද? වයසක කෙල්ල” යයි මම පණිවුඩයක් තැබීමි. “වයසක කෙල්ල” කියනවාට කෙරීට ප‍්‍රශ්නයක් නැත. එය අපි ගෙදරදී ආදරයට භාවිතා කළ වචනයකි. නමුත් මගේ ජංගම දුරකථනයට එම වැකි කඩ තේරුණේ නැත. ඒ වෙනුවට එහි සටහන් වූයේ “වයසක එළදෙන” කියාය.

වාසනාවකට කෙරීට වැරැද්ද තේරුම් ගියාය. එහි ඇති හාස්‍යය ඇය දැන ගත්තාය. පසුව ඇය එය සමාජ වෙබ් අඩවියක සටහන් කළේ “මට කේන්ති යා යුතුද?” යන මාතෘකාවෙනි. අප දෙදෙනාටම ඒ ගැන සිනහ විය හැකි වුනි.

මාගේ වැරදි වචන වලට මාගේ භාර්යාව දැක්වූ ප‍්‍රතිචාරය දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවලට දක්වන පේ‍්‍රමණීය අවබෝධය මට මතක් කරවයි. අප යාච්ඤා කරන විට කුමක් කියන්නද හෝ අප ඉල්ලන්නේ කුමක්ද කියා හෝ අපි නොදන්නවා විය හැකිය. නමුත් අප ක‍්‍රිස්තුස්වහන්සේට අයිතිව සිටින අතර අප තුළ තිබෙන උන්වහන්සේගේ ආත්මය අප වෙනුවෙන් වචන නැති කෙඳිරිගෑම් කරන සේක (රෝම 8:26). එසේම අපගේ ගැඹුරු අවශ්‍යතා උන්වහන්සේ ඉදිරියෙහි පැවසීමට පේ‍්‍රමයෙන් උපකාර කරන සේක.

අප නිවැරදි වචන භාවිතා කරන තුරු උන්වහන්සේ ඈත සිටගෙන බලා සිටින්නේ නැත. අපගේ සෑම අවශ්‍යතාවයක් සමග අපට උන්වහන්සේ වෙතට පැමිණිය හැකිය. උන්වහන්සේ අපව තේරුම් ගන්න බවටත් පේ‍්‍රමයෙන් පිළිගන්න බවටත් ස්ථිර විය හැකිය.