මා උසස් විදුහලේ ඉන්නා කාලයේ විශ්ව විද්‍යාල ටෙනිස් කණ්ඩායමට ක‍්‍රීඩා කළෙමි. මාගේ නිවසට ඉඩම් දෙකකට එහායින් තිබුණු කොන්ක්‍රීට් ක්‍රීඩාගාර සතරක මම මාගේ නිපුණත්වයන් දියුණු කර ගැනීමට පැය ගණන් වෙහෙස වූනෙමි.

මෑතකදී මම එම නගරයට ගිය විට මා කළ පළමු දෙය නම් ටෙනිස් පිට්ටනිය නැරඹීමට යාමය. ඒ අන් අය එහි ක‍්‍රීඩා කරනවා බලා මාගේ මතකයන් අවදි කර ගැනීමටය. මාගේ මතකයේ පැහැදිළිව තිබූ පිට්ටනි පෙනෙන මානයක නොවීය. එහි ඒ වෙනුවට තිබුණේ තැනින් තැන එහා මෙහා සෙළවෙන වල් පැළෑටි සහිත පාළු පිට්ටනියකි.

ජීවිතයේ කෙටි බව එම සන්ධ්‍යාව මාගේ සිතෙහි කැටයම් කළේය. මාගේ තරුණ ජවය මා වැය කළ එක් ස්ථානයක් දැන් නැත. පසුව වියපත් දාවිත් රජු විසින් ප‍්‍රකාශ කර ඇති සත්‍යයක් මාගේ සිතෙහි ක‍්‍රියාත්මක විය “මනුෂ්‍යයාගේ දවස් වනාහි තණකොළ මෙන්ය; ඔහු කෙතේ මලක් මෙන් සශ්‍රීකවේ. මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි; එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේ” (ගීතාවලිය 103:15-17).

අපි වයසට යන්නෙමු. අප අවට ඇති ලෝකය වෙනස් වනු ඇත. නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රේමය වෙනස් නොවේ. උන්වහන්සේ වෙතට හැරෙන අයට සැමවිට ප්‍රේමකිරීමට උන්වහන්සේ විශ්වාසවන්තය.