මම මගේ හිස පහත්කර ඇස් දෙක වසා දෑත් එකතු කර යාච්ඤා කිරීම ආරම්භ කරමි. “ප්‍රේමණීය ස්වාමිනී, මම ඔබවහන්සේගේ දරුවෙක් වී අද ඔබ වෙත එමි. ඔබවහන්සේගේ බලය සහ යහපත්කම පිළිගනිමි…”. හදිසියේම මගේ ඇසිපිය විවෘත වේ. පසු දිනට නියමිත ඉතිහාස ව්‍යාපෘතිය මගේ පුතා අවසන් කර නොමැති බව මට සිහිවිය. පාසැල් වේලාවෙන් පසුව ඔහුට පැසිපන්දු තරඟයක් ඇති බව මට සිහිවුනි. මධ්‍යම රාත‍්‍රීය වන තුරු ඔහු නිදිමරාගෙන පාසැල් වැඩ කරන සැටි මම මවා ගත්තෙමි. ඔහුගේ වෙහෙස නිසා උණ ගැනීමට ඔහුට අවදානමක් ඇති බවට මට කණස්සල්ලක් ඇති විය.

සී.එස්. ලුවිස් විසින් ලියන ලද “ස්කෘටේප් ලෙටර්ස්” නැමැති පොතෙහි ඔහු යාච්ඤාවට එන බාධා ගැන ලීවේය. ඔහු සඳහන් කළේ අපගේ මනස එහේ මෙහේ පාවෙන විට අප අපගේ මානසික ශක්තිය යොදවා නැවත මුල් යාච්ඤාවට පැමිණීමට උත්සාහ කරන බවය. ලුවිස් අවසන් කළේ “අපගේ අවධානය කැඩෙන කාරණා අපගේ වර්ථමාන ගැටළුව ලෙස පිළිගෙන දෙවියන්වහන්සේ ඉදිරියෙහි එය අපගේ යාච්ඤාවල ප‍්‍රධාන තේමාව” කර ගත යුතුය යන්නය.

අඛණ්ඩ කණස්සල්ලක් හෝ පාපකාරී සිතිවිල්ලක් දෙවියන්වහ්නසේ සමග අපගේ දෙබසෙහි ප‍්‍රධාන තේමාව විය හැකිය. අප දෙවියන්වහන්සේ සමග කරන සාකච්ඡාවලදී අපගේ ගැටළු, බිය සහ අරගල ගැන අවංකවීම දෙවියන්වහන්සේගේ කැමැත්ත වේ. අප කියන කිසි දෙයකින් උන්වහන්සේ පුදුම වන්නේ නැත. උන්වහන්සේ අප ගැන දක්වන උනන්දුව අපගේ සමීප මිතුරෙකු අප ගැන දක්වන සැළකිල්ල මෙන්ය. සියලු කණස්සලු දෙවියන්වහන්සේට දීමට අප දිරිමත් වන්නේ එහෙයිනි. ඒ උන්වහන්සේ අප ගැන සළකන නිසාය (1 පේත‍්‍රෑස් 5:7).