මාගේ ප්‍රථම දරුවා විද්‍යාලයට යැවීම පිණිස මම ඊයේ ගුවන් ටිකට්පතක් ලබා ගතිමි. මා එය අන්තර්ජාලයෙන් ලබා ගන්නා අතර මාගේ ඇස්වලින් ගලා ගොස් යතුරු ලියනය මතට වැටුණු කඳුළු ගංගාව මධ්‍යයෙහි තවමත් මාගේ පරිඝණකයේ යතුරු ලියනය ක‍්‍රියා කිරීම මහත් පුදුමයකි. ඇය සමග ජීවත්වූ වසර දහඅට මට ඉතා ප්‍රීතිමත් කාලයක් විය. ඇය මාගෙන් වෙන්වීම මට මහත් දුකකි. නමුත් මට ඇති පාළුව නිසා ඇයට ඇති අවස්ථාව සොරා ගැනීමට මම සුදානම් නැත්තෙමි. වැඩිහිටි විය තේරුම් ගැනීමටද රටෙහි තව කොටසක් විමර්ශනය කිරීමටද අලුත් ගමනක් යෑම ඇයට ඉතා සුදුසු වේ.

මාගේ මෙම මාපිය යුගයේ එක් පරිච්ඡේදයක් අවසන් වන විට තව එකක් ආරම්භ වේ. අනිවාර්යයෙන් එය අලුත් අභියෝග සමග අලුත් විනෝදයක්ද ගෙන එනු නොඅනුමානය. ඉශ්‍රායෙලයේ තුන්වන රජු වන සාලමොන් ලීවේ “සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත” (දේශනාකාරයා 3:1) කියාය. අපගේ ජීවිතයේ සිද්ධීන් යහපත්ද අයහපත්ද කියා අප සිතුවත් අපගේ ජීවිතයේ සිද්ධීන් ගැන අපට ඇත්තේ ඉතා සුළු පාලනයක් පමණි. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මහත් බලය නිසා ඒවා “ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ” (11 පදය).

සිත් තැවුල් ඇති කාල පසුකරන විට නියමිත වේලාවේදී ඒවා තුළින් යහපත් දෙයක් ගෙන එන බවට අපට දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකිය. අපගේ සහනයන් සහ ප්‍රීතියන් ඇවිත් ආපසු යනු ඇත. නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රියා “සදහටම පවත්නේය” (14 පදය). සෑම කාලයක්ම අපි භුක්ති නොවිඳිනු ඇත. සමහරක් වේදනාකාරීය. නමුත් ඒ සියල්ලට අලංකාරය ගෙන ඒමට උන්වහන්සේට පුළුවන.