මෝජෙව් කාන්තාරයේ වැලි කඳුද, වියළි ගැඹුරු කුහරයන්ද, මුදුන පැතලි උස ගල්ද, කඳු ශිඛරද හමුවේ. නමුත් ඇමෙරිකානු ජීව විද්‍යාඥ එඩ්මන්ඩ් ජීගර් නිරීක්‍ෂණය කර ඇත්තේ වසර කිහිපයකට වරක් ඇති වන විශාල වැසි නිසා ඇතිවන මල් කන්දරාව සෑම වැලි සහ බොරළු පසක්ම මල් පොරෝනයකින් වසන බවය. මෝජෙව් කැලෑ මල් ප්‍රදර්ශනය සැම වසරකම නොපැවැත්වේ. පර්යේෂකයින් පවසන්නේ කාන්තාරය දීප්තිමත් වර්ණයන්ගෙන් යුත් මල් වලින් වැසීයාමට පෙර වියළි පස වැස්සෙන් තෙමී පසුව නියමිත කාලයේදී අව් රශ්මියෙන් වියළිය යුතු බවයි.

ජීවිතය ගෙන දෙන දෙවියන්වහන්සේගේ මෙම රූපකය මට මතක් කරන්නේ අනාගතවක්තෘ යෙසායාගේ ධෛර්යය දෙන බලාපොරොත්තුවේ දර්ශනයයි. ඔහු එය අපට දෙන්නේ සියලු දේශ වලට පැමිණෙන විනිශ්චයේ පණිවුඩයෙන් පසුවය (යෙසායා 35). දෙවියන්වහන්සේ සියලු දෙය නිවැරදි කරන අනාගත කාලය විස්තර කරමින් අනාගතවක්තෘ පවසන්නේ “වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්ය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය” (1 පදය). දෙවියන්වහන්සේගේ මිදුණු සෙනග උන්වහන්සේගේ රාජ්‍යයට “ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය” (10 පදය) යනුවෙනි.

අපගේ සදාකාලික දෙවියන්වහන්සේගේ ආරක්‍ෂාව ලැබ අපගේ ජීවිත කාල නියඟ සහ සුළි කුණාටු තුළින් යාමට උන්වහන්සේව අපට විශ්වාස කළ හැකිය. උන්වහන්සේගේ ප්‍රේමයේ ගැඹුරට මුල් ඇද අපට උන්වහන්සේගේ සමානත්වයට වර්ධනය විය හැකිය. ඒ යේසුස්වහන්සේ නියමිත කාල වේලාවට සියල්ල නිවැරදි කරන තුරුය.