“දරුවන්ට හඳ පෙන්වන්න ලැබෙන අවස්ථාව මග හැර ගන්න එපා” ඇය කීවාය. සති මැද යාච්ඤා රැස්වීම ආරම්භ කිරීමට මත්තෙන් පෙර දිනයේ පුර සඳ ගැන අප කථා කළෙමු. පූර්ණ චන්ද්‍රයා අපව විශ්මිත කළේය. එය ක්‍ෂිතිජයේ වාඩිවී සිටිනවා මෙන් පෙණුනි. අපගේ වැඩිමහල්ම හඩ වෙබ් මහත්මියට අයිති විය. සුදු කෙස් සහිත ඇය දෙවියන්වහන්සේගේ මැවීම අගය කළාය. මටත් මාගේ භාර්යාවටත් දරුවන් දෙදෙනෙකු සිටින බව ඇය දැන සිටියාය. වටිනා අයුරකින් ඔවුන්ව පුහුණු කිරීමට ඇයට අවශ්‍ය විය. “ඔබගේ දරුවන්ට හඳ පෙන්වීමේ අවස්ථාව කිසි විටෙක මග හරින්න එපා”.

වෙබ් මහත්මිය හොඳ ගීතිකා ලියන්නියක් විය හැකිය. ඇය අවධානය කරන විධිය දාවිත් අහසේ තාරකා විස්තර කළ ආකාරයට සමානය. “කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය” (ගීතාවලිය 19:3-4). ගීතිකාකරුට හෝ වෙබ් මහත්මියට සඳුට හෝ තාරකාවන්ට හෝ නමස්කාර කිරීමේ අදහසක් නොවීය. නමුත් මැවීම පසුපස තිබෙන දෑත් නැමදීමට ඔවුන්ට අවශ්‍ය විය. ස්වර්ගය සහ අහස දෙවියන්වහන්සේගේ මහිමය හැර යමක් එළිදරව් කරන්නේ නැත (1 පදය).

අප අවට සිටින අයව දිරිමත් කිරීමට අපට හැකිය. ඒ දරුවන්, යෞවනයන්, කාලත්‍රයන් සහ අසල්වාසීන්ය. ඒ නැවතී බලා අප වටකර තිබෙන දෙවියන්වහන්සේගේ මහිමයේ ප්‍රකාශයන් සහ ප්‍රදර්ශනයන් නැරඹීමටය. උන්වහන්සේගේ දෑතේ ක්‍රියාවට අවධානය යොමු කිරීමෙන් වන්නේ මුළු චිත්‍රය පසුපස සිටින දෙවියන්වහන්සේට නමස්කාර කිරීම ආරම්භ වීමය. එම අවස්ථාව කිසිවිටෙක මග හැර නොගන්න.