1914 දී බෙල්ජියමේ නත්තල් සන්ධ්‍යවේදී අගල් වල සිරවී සිටි සොල්දාදුවන්ගෙන් ගීත නාද පාවී ගියේය. “නිසල රෑ” ගීතය ජර්මානු භාෂාවෙන්ද පසුව ඉංග්‍රීසියෙන්ද නිකුත් වුනි. දිනය පටන්ගැන්මේදී එකිනෙකාට වෙඩි තබා ගත් සොල්දාදුවන් තම යුධායුධ පසෙක තබා තම අගල්වලින් පිටතට අවුත් යුද්ධ මුක්ත කලාපයෙහි එකිනෙකාට අතට අත දුන්හ. නත්තල් සුභ පැතුම්ද තම ආහාරවලින් ක්‍ෂණික තෑගිද ඔව්හු හුවමාරු කර ගත්හ. සාමය පසුවදාද පැවතුණි. සොල්දාදුවෝ කථා කළහ. සිනහ සුණෝය. එකතුව පාපන්දු තරඟ සංවිධානය කළහ.

1914 දී නත්තල් දින සිදුවූ සාමය පළමුවන ලෝක මහා යුද්ධයේ බටහිර ඉදිරිපස පෙළෙහි සිදුවුනි. එය පළමු නත්තලෙහි දේවදූතයෙක් කළ සාමයේ ඡායාවක් විය. භ්‍රාන්තවී සිටි එඬේරුන්ට දේවදූතයෙක් මෙම ස්ථීරතාවයේ වචන ප්‍රකාශ කළේය. “දේවදූතයා ඔවුන්ට කථා කොට : භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක” (ලූක් 2:10-11) යයි කීවේය. එවිට දේවදූතයෝ විශාල ගණනක් ඔවුන්ට දර්ශනය විය. දේවදූතයෝ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් “ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා” (13-14 පද) යයි කීවෝය.

අපව පාපයෙන් ගළවන “සමාදානයේ කුමාරයා” වන්නේ යේසුස්වහන්සේය (යෙසායා 9:6). උන්වහන්සේගේ කුරසියෙහි යාගයෙන් උන්වහන්සේ සමාවද උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන්ට දෙවියන්වහන්සේ සමග සමාදානයද ලබා දෙන සේක.