ලෝකයේ සෑම රටකම අලුත් අවුරුද්ද පිළිගන්නේ නොයෙකුත් චාරිත්‍ර අනුගමනය කරමින්. අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරස්‍රයේ වර්ණවත් බෝලයක් ඉහළ සිට පහළට වැටෙනවා, එංගලන්තයේ ලන්ඩන් නගරයේ බිග් බෙන් යන ඔරලෝසුව සීනු නගනතෙක් ජනතාව අංක 10 සිට 0 දක්වා පහලට ගණන් කරනවා (count down), ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි වරායේ නොයෙකුත් වර්ග ගිනිකෙළි සංදර්ශනයක්, මෙම චාරිත්‍ර සමහරකි. ඔබගේ නුවර කොයි ආකාරයෙන් අලුත් අවුරුද්ද පිළිගත්තත්, අලුත් අවුරුද්දක් පිළිගැනීමේදී එම මොහොත පැමිණෙන තුරු සිත් තුළ දැඩි ආශාවක් ඇති වන අතර එය තුළින් නව වසරක ආරම්භයක් එළඹෙනවා. අලුත් අවුරුද්ද පළමුවන දවසේදී අපි අලුත් ගමනක් ආරම්භ කරනවා. අපට කුමන යහළුකම් හා අවස්ථාවන් ලැබේද?

අලුත් අවුරුද්දක් එළඹෙන අවස්ථාවේදී සතුටක් සිත තුළ ඇතිවූවත්, අලුත් අවුරුද්දක් තුළ මුහුණ දීමට අපහසු තත්ත්‍වයන් අපගේ සිත්තුළ රැඳිය හැකිය. අප කාටවත් අනාගතය කිව නොහැකි අතර එහි තිබිය හැකි තද බල ප්‍රශ්න කිව නොහැකිය. බොහෝ අලුත් අවුරුදු චාරිත්‍රවල මෙය දැකිය හැකිය: මුලින්ම රතිඤ්ඤා නිපදවූයේ චීන රටේ. එසේ කළේ අශුද්ධ ආත්මයන් පලවා හරින පිණිසත් අලුත් කාලයක් සඵලවත් කරන්නටයි. ඒවගේම අලුත් අවුරුද්දේදී අපි අලුත් අධිෂ්ඨානයන් ඇති කරගන්නවා. මෙම අධිෂ්ඨානයන් ඇති වුනේ බබිලෝනීය වරුන්ගේ කාලයේ සිට. මේ බබිලෝනීය වරුන් විසින් අලුත් අවුරුද්දක තමන්ගේ දෙවිවරුන් සමඟ සමාදානය ඇති කරවන පිණිස නොයෙකුත් දේවල් කරන්න පොරොන්දු වුණා. මෙවැනි ක්‍රියා තුළින් නොදන්නා අනාගතයක් සුරක්ෂිත කිරීමට උත්සාහ කළා.

බබිලෝනීය වරුන් පොරොන්දු නොකරන අවස්ථාවන්වලදී, යුධ කරමින් මිනිසුන්ව පැහැර ගත්තා – පැහැර ගත් එක් දේශයක් නම් ඊශ්‍රායෙල් දේශයයි. කල් ගතවෙත්ම, වහල්කමට පැහැරගත් යුදෙව්වන්ට දෙවියන්වහන්සේ මෙවැනි පණිවිඩයක් එවනවා: “ නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි” (යෙසායා 43:1-2). ඉතා දැඩි කුණාටුවක් තුළ බෝට්ටුවක ගමන් කරන අවස්ථාවකදී යේසුස්වහන්සේ විසින් තමන්වහන්සේගේ ගෝළ පිරිසට මෙයට සමාන දෙයක් කියනවා. “මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වීද” යි කියා, නැඟිට හුළඟටත් මුහුදටත් සැරකළසේක (මතෙව් 8:23-27).

කවදාවත් නොපෑගුණු ජලයට අපි අද දිනදී මුහුදු වෙරළේ සිට ගමන් ආරම්භ කරන්නයි යන්නේ. අප විසින් කුමන දෙයකට මුහුණ දෙන්න සිදුවුණත්, උන්වහන්සේ අප සමඟයි. ඒ වගේම ජීවිතයේ රැළි නිශ්චල කරන්න උන්වහන්සේට බලය තිබෙන සේක.