ඇය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම “බිල්ල” (අන් අයෙකුගේ වරදට දඬුවම් විඳින්නෙක්) වූවා විය හැකිය. ඇගේ නම ඩේසි, මැඩ්ලීන් හෝ ග්වෙන්ඩලින් දැයි අපි නොදනිමු (සෑම නමක්ම යෝජනා කර තිබුණි). නමුත් 1871 මහා චිකාගෝ ගින්න හේතුවෙන් ඕ’ලෙයාරි මහත්මියගේ ගවයාට දොස් පැවරුණු අතර එමගින් නගරයේ සෑම තෙවන පදිංචිකරුවෙක්ටම නිවස අහිමි විය. තද සුළං මගින් දැවමය ව්‍යුහයන් හරහා ගින්න දින තුනක් පුරා දැවී ගොස් තුන්සියයකට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත්තේය.

මඩුවේ දැල්වෙමින් තිබුණු ලැන්තෑරුමක ගවයා හැප්පීම නිසා ගින්න හට ගත්තේ යයි වසර ගණනාවක් පුරා බොහෝ දෙනා විශ්වාස කළේය. වැඩිදුර විමර්ශනයකින් පසුව එනම් වසර 126 කට පසුව පොලිසිය සහ ගින්න ගැන නගරයේ කමිටුව විසින් ගවයා සහ උගේ අයිතිකරුවන්ව නිදොස් කොට අසල්වැසියෙකුගේ ක්‍රියාකාරකම් සෝදිසි කිරීම සඳහා යෝජනාවක් සම්මත කරන ලදී.

යුක්තිය බොහෝ විට කාලය ගන්නා අතර එය කෙතරම් අසීරු විය හැකිද කියා දේව වචනය පිළිගන්නේය. “කොපමණ කාලයක්ද?” යන්න 13 වන ගීතිකාවේ සතර වතාවක් නැවත නැවත කියැවේ. “ස්වාමිනී, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටින සේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවන සේක්ද? කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්‍රණ යොදමින් දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද? කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද?” (1-2 පද). නමුත් ඔහුගේ විලාපය මධ්‍යයේ දාවිත් ඇදහිල්ල හා බලාපොරොත්තුව සඳහා හේතු සොයා ගනී. “එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාස කළෙමි. මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්‍රීති වන්නේය” (5 පදය).

යුක්තිය ප්‍රමාද වූවත් දෙවියන්වහන්සේගේ ප්‍රේමය කිසි විටෙකත් වෙනස් නොවේ. අපට එක මොහොතකට පමණක් නොව සදාකාලයටම උන්වහන්සේව විශ්වාස කර උන්වහන්සේ තුළ විශ්‍රාමය ගත හැකිය.