මයිකල් ඕහර් නම් නිවාසයක් නොමැති යෞවනයෙක්ගේ සත්‍ය කථාවක් 2009 දී තිරගත වූ ද බ්ලයින්ඩ් සයිඩ් නම්වූ චිත්‍රපටියෙන් නිරූපණය වුනි. පවුලක් ඔහුව රැගෙන ගොස් ඉගෙනීමේ දුෂ්කරතා මගහරවා ගැනීමටද ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය කරා ළඟා වීමටද ඔහුට උපකාර කළහ. එක් දර්ශනයක, මයිකල් මාස කිහිපයක් ඔවුන් සමග ජීවත් වූ පසුව ඔහුව දරුකමට හදා ගැනීමේ හැකියාව ගැන එම පවුල ඔහු සමග කථා කරති. මිහිරි සහ මුදු මොළොක් පිළිතුරකින් මයිකල් පැවසුවේ තමා දැනටමත් පවුලේ කොටසක් යයි තමා සිතූ බවයි.

දරුකමට හදා ගැනීම සුන්දර දෙයක් සේම එයද සුන්දර මොහොතකි. නව සාමාජිකයෙක්ට පවුලක් දෑත් දිගු කරන කල ප්‍රේමය ව්‍යාප්ත වී පූර්ණ ඇතුළත් වීම ඔප්පු කෙරෙන්නේය. මයිකල්ගේ ජීවිතය බෙහෙවින්ම වෙනස් කළාක් මෙන් දරුකමට හදා වඩා ගැනීම ජීවිත වෙනස් කරන්නේය.

යේසුස්වහන්සේ තුළ පව්කාරයන්ව “දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ” බවට පත් කරනු ලබන්නේ උන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙනි (ගලාති 3:26). දරුකමට හදාගත් දෙවියන්වහන්සේගේ දරුවන් මෙන් අපි උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආත්මය ලබන්නෙමු. අපි දෙවියන්වහන්සේව “පියා” ලෙස හඳුන්වන්නෙමු (8 පදය). උන්වහන්සේගේ උරුමක්කාරයන් (7 පදය) සහ ක්‍රිස්තුස්වහන්සේ සමග හවුල් උරුමක්කාරයන් (රෝම 8:17) වන්නෙමු. අපි උන්වහන්සේගේ පවුලේ පූර්ණ සාමාජිකයෝ වන්නෙමු.

මයිකල් ඕහර් දරුකමට හදා ගත් විට එය ඔහුගේ ජීවිතය, අනන්‍යතාවය සහ ඔහුගේ අනාගතය වෙනස් කළේය. දෙවියන්වහන්සේ විසින් දරුකමට හදාගත් අපට තවත් ඊටත් වඩා කොපමණ තිබේද! උන්වහන්සේ පියා ලෙස දන්නා බැවින් අපගේ ජීවිත වෙනස් වේ. අපි උන්වහන්සේට අයිති බැවින් අපගේ අනන්‍යතාවය වෙනස් වේ. තේජාන්විත සදාකාලික උරුමයක් අපට පොරොන්දු වී ඇති හෙයින් අපගේ අනාගතය වෙනස් වේ.