“ආතර් මාමා, ඔබ මාව බාබර් සාප්පුවට සහ සුපිරි වෙළඳ සැළකට ගෙන ගිය දිනය ඔබට මතකද? මම ටෑන් කාකි කලිසමකුයි, නිල් පැහැති ඔක්ස්ෆර්ඩ් කමිසයකුයි, දුඹුරු මේස් සහ දුඹුරු රොක්පෝට් සපත්තුයි පැළඳ සිටියෙමි. දිනය 2016 ඔක්තෝබර් 20 වන බ්‍රහස්පතින්දා”. මගේ කුඩා ඥාති පුතුණුවන් වන ජරෙඩ්ට ඕටිසම් රෝගය හේතුවෙන් අභියෝගයන් තිබුණද ඔහුගේ තියුණු මතකයන් එය අභිබවා යන්නේය. යම් සිදුවීමකට වසර ගණනාවකට පසු පවා ඔහුට දවස් සහ දිනයන්ද ඔහු ඇඳ සිටි ඇඳුම්ද මතකයේ තිබුණි.

ඔහු උපතින්ම හැදී වැඩී තිබූ ආකාරය නිසා ඔහුට ඇති මතකය, සියල්ල දන්නා කාලය සහ සදාකාලය පවත්වන ප්‍රේමණීය දෙවියන්වහන්සේව මගේ මතකට ගෙන ආවේය. උන්වහන්සේ කරුණු දන්නා අතර උන්වහන්සේගේ පොරොන්දු හෝ උන්වහන්සේගේ ජනතාව හෝ උන්වහන්සේ අමතක නොකරන සේක. දෙවියන්වහන්සේට ඔබව අමතක වී ඇත්ද නැද්ද කියා ඔබ ප්‍රශ්න කළ අවස්ථා තිබේද? විශේෂයෙන් අනෙක් අය සෞඛ්‍ය සම්පන්නව හෝ ප්‍රීතිමත්ව හෝ වඩා සාර්ථකව හෝ වෙනත් ආකාරයකින් වඩාත් හොඳින් සිටින හෝ අවස්ථාවන් වලදී?

පුරාණ ඉශ්‍රායලයේ පරමාදර්ශී තත්ත්වයට වඩා අඩු තත්ත්වය “යෙහෝවා වහන්සේ මා අත්හැරිය සේක. ස්වාමින්වහන්සේ මා මතක නැති කළ සේක” (යෙසායා 49:14) යයි කීමට ඇයට හේතුවක් වූවාය. නුමුත් තත්ත්වය එසේ නොවීය. දෙවියන්වහන්සේගේ දයානුකම්පාව සහ සැළකිල්ල මව්වරුන් තම දරුවන් කෙරෙහි ඇති ස්වභාවික සෙනෙහස ඉක්මවා ගියේය (15 පදය). “අතහැර දමා” හෝ “අමතක වී” වැනි ලේබල් වැළඳ ගැනීිමට පෙර දෙවියන්වහන්සේ තම පුත්‍රයා වන යේසුස්වහන්සේ තුළින් සහ උන්වහන්සේ මගින් කර ඇති දේ ගැන නැවත සිතන්න. සමාව දෙන ශුභාරංචියේ දෙවියන්වහන්සේ පැහැදිළිවම පවසා ඇත්තේ “මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි” (15 පදය) කියාය.