මට උන්වහන්සේගේ සැළැස්ම තේරෙන්නේ නැත. මම මගේ මුළු ජීවිතයම උන්වහන්සේ දෙසට හැරවීමි. ඒත් මෙය සිදු විය”. වෘත්තීය මළල ක්‍රීඩකයෙක් ලෙසට සාර්ථක වීමේ සිහිනය තාවකාලිකව නතර වූ පසුව පුතෙක් තම මවට යැවූ පණිවුඩය එයයි. බලාපොරොත්තු සුන්වූ කලකිරුණූ අත්දැකීම් අපගේ මනසට පුදුමය සහ ප්‍රශ්නාර්ථය ගෙන නොදුන් කවරෙක් හෝ අප අතර සිටින්නේද? පැහැදිලි කිරීමකින් තොරව පවුලේ සාමාජිකයක් සංනිවේදනය කපා හැරිය විටකදී; සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ විටදී; සමාගමක් අනපේක්‍ෂිත ලෙස නැවත ස්ථානගත කිරීමකදී; ජීවිතය වෙනස් කරන අනතුරක් සිදු වූ විටකදී යනාදි වශයෙනි.

යෝබ් 1 සහ 2 යන පරිච්ඡේද යෝබ්ගේ ජීවිතයේ ඛේදවාචකයන් සහ පසුබෑම් ගණනාවක් ගැන වාර්තා කරයි. මනුෂ්‍යයෙක් වශයෙන් කිවහොත් කරදරවලින් තොර ජීවිතයක් සඳහා සුදුසුකම් ඇති අයෙක් සිටියේ නම් ඒ යෝබ්ය. “ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංක වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ නපුරෙන් වැළකී සිටියාවු කෙනෙකි” (යෝබ් 1:1). නමුත් ජීවිතය සෑම විටම අප කැමති ආකාරයට ක්‍රියා නොකරයි. යෝබ්ට එසේ නොවීය. අපටද එසේ නොවිය හැක. “දෙවියන්වහන්සේට ශාප කර මැරෙන්න” කියා ඔහුගේ බිරිඳ ඔහුට උපදෙස් දුන් විට (2:9) යෝබ් ඇයට පැවසූ වචන ප්‍රඥාවන්ත හා උපදේශාත්මක ඒවා වූ අතර අප මුහුණ දීමට නොකැමති ලොකු හෝ කුඩා දේවල් සිදුවන විට අපටත් අනුකූල වන්නේය. “අපි දෙවියන් වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින්වත් පව් කළේ නැත” (10 පදය).

ජීවිතයේ දුෂ්කර දිනයන්හිදී උන්වහන්සේ වැඩ කරන්නේ කෙසේදැයි අපට තේරුම් ගත නොහැකි විටදී පවා දෙවියන්වහන්සේගේ ශක්තියෙන් උන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය සහ ගෞරවය එසේම පවතීවා.