සුප්‍රකට ඇමෙරිකානු ඉවැන්ජලිස්තවරයෙක් වන බිලී ග්‍රැහැම් බයිබලය සම්පූර්ණයෙන්ම සත්‍යයක් ලෙස පිළිගැනීමට දැරූ අරගලය ගැන වරක් විස්තර කළේය. එක් රාත්‍රියක ඔහු සැන් බර්නාඩිනෝ කඳුකරයේ ඥානකාන්ති මධ්‍යස්ථනයක සඳ එළියේ තනිවම ගමන් කරමින් සිටියදී පැකිළෙමින් යාච්ඤාවක් කිරීමට දණින් වැටී බයිබලය ගසක කඳක් මත තබා “අනේ දෙවියන්වහන්ස, මේ පොතේ තිබෙන බොහෝ දේවල් මට තේරෙන්නේ නැත” කියා කීවේය.

ඔහුගේ ව්‍යාකූලත්වය පාපෝච්චාරණය කිරීමෙන් පසු “පියාණෙනි, මෙය ඔබවහන්සේගේ වචනය ලෙසට ඇදහිල්ලෙන් මම පිළිගනිමි” කියා කීමට අවසානයේ ශුද්ධාත්මයාණන් වහන්සේ මාව නිදහස් කළ සේක. ඔහු නැගිටුණු පසුව තවමත් ඔහුට ප්‍රශ්න තිබුණි. එහෙත් “මාගේ ආත්මයේ අධ්‍යාත්මික සටනක් කර ජය ගෙන ඇති බව මම දනිමි” කියා ඔහු කීවේය.

තරුණ අනාගතවක්තෘ යෙරෙමියාද අධ්‍යාත්මික සටන් කළේය. එහෙත් ඔහු නොකඩවා දේව වචනය තුළ පිළිතුරු සෙවීය. “ඔබගේ වචන සම්බ වූ විට මම ඒවා කෑවෙමි. ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය” (යෙරෙමියා 15:16). “මක්නිසාද ස්වාමින්වහන්සේගේ වචනය ….. එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ” (යෙරෙමියා 20:8-9) යයි ඔහු ප්‍රකාශ කළේය. දහ නව වන ශත වර්ෂයේ ඉවැන්ජලිස්ත වරයෙක් වන චාර්ල්ස් ස්පර්ජන් මෙසේ ලිවීය : “යෙරෙමියා අපව රහසකට ඇතුළත් කරයි. ඔහුගේ බාහිර ජීවිතය විශේෂයෙන් ඔහුගේ විශ්වාසවන්ත සේවය ඇති වූයේ ඔහු දේශනා කළ වචනය කෙරෙහි ඔහුගේ ඇතුළාන්තයේ තිබූ ප්‍රේමය නිසාය”.

අපගේ අරගල නොතකා දේව වචනයේ ප්‍රඥාව තුළින් අපටද අපගේ ජීවිතය හැඩ ගස්වා ගත හැකිය. සෑම විටම ඇදහිල්ලෙන් අපට දේව වචනය ඉගෙන ගත හැකිය.