1964 දී පරිසරවේදී ජැක් වෙයින්බර්ග් පැවසුවේ “අවුරුදු තිහට වැඩි කිසිවෙකු විශ්වාස කරන්න එපා” කියාය. ඔහු කිවූ දෙය මුලු පරම්පරාවකටම බලපෑමක් ඇති කරන ලද්දේය. පසුව ඔහු කිවූ දෙය ගැන ඔහු දුක් වුනි. ආපසු හැරී බලන විට “මම හිසට උඩින් කිවූ දෙයක් …. සම්පූර්ණයෙන්ම විකෘති වී වැරදි වැටහීමකට ලක් වුනි” කියා ඔහු පැවසුවේය.

පරම්පරා ගණනාවක් ඉලක්ක කර ගත් අපකීර්තිමත් අදහස් ඔබ අසා තිබේද? නැත්නම් අනෙක් අතට? එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට යොමු වන වැරදි සිතුවිලි දෙපැත්තටම බලපෑ හැකිය. නිසැකවම වඩාත් හොඳ ක්‍රමයක් තිබේ.

ඔහු විශිෂ්ඨ රජෙක් වුවද හෙසකියා තවත් පරම්පරාවක් කෙරෙහි සැළකිල්ලක් නොදැක්වීය. යෞවනයෙක් ලෙස හෙසකියා මාරාන්තික රෝගයකින් පෙළෙන විට (2 රාජාවලිය 20:1) ඔහු තම ජීවිතය වෙනුවෙන් දෙවියන්වහන්සේට මොර ගැසුවේය (2-3 පද). දෙවියන්වහන්සේ තවත් අවුරුදු පහළොවක් ඔහුගේ ජ්ීවිතයට එකතු කළ සේක (6 පදය).

නුමුත් හෙසකියාට තම දරුවන් කවදා හෝ වහලුන් ලෙසට ගෙන යන බවට භයානක ආරංචිය ලැබුණූ විට රජුගේ ඇස්වල කඳුළු පැහැදිලිව පෙණෙුනේ නැත (16-18 පද). “මගේ ජීවිත කාලය තුළ සාමය සහ ආරක්‍ෂාව නොතිබේද?” කියා ඔහු සිතුවේය (19 පදය). එසේ වූයේ හෙසකියා තමාගේ යහපැවැත්ම සඳහා තමා තුළ තිබූ ආශාව ඊළඟ පරම්පරාවට අදාළ නොකළ නිසා විය හැකිය.

දෙවියන්වහන්සේ අපව කැඳවන්නේ අපව බෙදන මායිම් තරණය කිරීමට එඩිතර වන ප්‍රේමයකටය. වැඩිහිටි පරම්පරාවට තාරුණ්‍යයේ නැවුම් විඥානවාදය සහ නිර්මාණාත්මකභාවය අවශ්‍ය වන අතර ඔවුන්ද වැඩිහිටියන්ගේ ප්‍රඥාව හා පළපුරුද්දෙන් ප්‍රයෝජන ගත යුතු වන්නේය. මෙය විකටකම් සහ සටන් පාඨ සඳහා කාලය නොවන අතර කල්පනාකාරීව අදහස් හුවමාරුකර ගැනීමට කාලයයි. අපි මෙහි එකට සිටිමු.