සයිමන් සහ ජෙෆ්රි අතර නොවිසඳුණු රිදවීම් වසර ගණනාවක් පැවතුණු අතර සම්බන්ධතාවය නැවත ගොඩ නැගීමට සයිමන් උත්සාහ කළත් එය නිෂ්ඵල විය. ජෙෆ්රිගේ මවගේ මරණය ගැන දැනගත් සයිමන් ඇගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා කෙන්යාවේ “උඩ රටට” ගමන් කළේය. ඔවුන්ගේ හමුවීම ගැන සයිමන් මෙසේ ආවර්ජනය කළේය : “සියල්ල සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව මට කිසිදු බලාපොරොත්තුවක් නොතිබුණි. නමුත් දේව මෙහෙයෙන් පසු අපි විවෘතව ඵලදායී ලෙස කථා කළෙමු. අපි වැළඳ ගෙන එම මොහොත බෙදා ගෙන එකට යාච්ඤා කර නැවත හමුවීමට සැළසුම් කළෙමු”. සයිමන් සහ ජෙෆ්රිට මීට කලින් සමථයකට පත්වීමට හැකි වූයේ නම් දිගින් දිගටම සිදුවන වේදනාව වළක්වා ගත හැකිව තිබුණි.

මතෙව් 5:21-26 හි යේසුස්වහන්සේගේ වචන නොවිසඳුණු සම්බන්ධතා නැවත ගොඩ නැංවීමට උපකාරී වේ. එවැනි බෙදීම් හේතු කොට ගෙන ඇති විය හැකි කෝපය බලරපතල කාරණයකි (22 පදය). තවද දේවල් පිළිවෙලට තැබීම දෙවියන්වහන්සේට නමස්කාර කිරීම සඳහා සුදුසු පෙර නිමිත්තකි (23-24 පද). “නුඹේ විරුද්ධකාරයා සමගින් ඉක්මණින් සමගි වෙන්න” (25 පදය) යන යේසුස්වහන්සේගේ ඥානවන්ත වදන් අපට මතක් කර දෙන්නේ සංහිඳියාව සඳහා වැඩ කිරීමට හැකි සෑම දෙයක්ම ඉක්මණින් කළහොත් සියලු දෙනාටම යහපතක් වන බවයි.

සබඳතා අවදානම් වන්නේය : එය වැඩ ලබා දෙන ලෙස තදින් ඉල්ලයි. අපේ පවුල්වල, රැකියා ස්ථානයේ, අධ්‍යාපනික පසුබිම තුළ සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල බෙදා ගන්නා ජනතාව අතර විය හැකිය. නමුත් “සමාදානයේ කුමරා” (යෙසායා 9:6) නියෝජනය කරන අය වශයෙන් තවමත් අප සමග ගැටළු විසඳී නැති අය වෙත අපගේ හදවත් සහ අත් දිගු කිරීමට ඉඩ සළසා ගනිමු.