Archives: සැප්තැම්බර් 2022

නැණවත් ලෙස තෝරාගන්න

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමනක් යාමට නියමිතව සිටි ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අණදෙන නිලධාරියා වන අභ්‍යවකාශගාමි ක්‍රිස් ෆර්ගසන් අසීරු තීරණයක් ගත්තේය. නමුත් ඒ තීරණය පියාසර කිරීමේ යාන්ත්‍ර විද්‍යාවට හෝ ඔහුගේ සෙසු ගගනගාමීන්ගේ ආරක්ෂාවට සම්බන්ධ දෙයක් නොවීය. නමුත්, එය ඔහු තම වැදගත්ම කාර්යය ලෙස සළකන දේට අදාළ විය: එනම් ඔහුගේ පවුල. ෆර්ගසන් තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සහභාගි වීමට හැකි වන…

නාමයක බලය

ඉන්දියාවේ මුම්බායි නගරයේ වීදිවල ජීවත් වන දරුවන් කිහිප දෙනෙකු දිරිගැන්වීමට උත්සාහ කරමින් රන්ජිට් ඔවුන්ගේ නම්වලින් ගීතයක් නිර්මාණය කළේය. සෑම නමක් සඳහාම අනන්‍යවූ තනුවක් ඉදිරිපත් කරමින්, ඔහු ඔවුන්ට තනුව ඉගැන්වූයේ, ඔවුන්ව හඳුන්වා ගනු ලබන නමට අදාළ ධනාත්මක මතකයක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි. ඔවුන්ගේ නම නිතිපතා ආදරයෙන් කතා කරනවා ඇසෙන්නේ නැති ළමයින් සඳහා, ඔහු ඔවුන්ට ගෞරවනීය තෑග්ගක් ලබා දුන්නේය.

බයිබලයේ ‘නම්‘ වැදගත් වන…

කතාව අවසන් වී නැත

ලයින් ඔෆ් ඩියුටි නමැති බ්‍රිතාන්‍ය නාට්‍යය අවසන් වූ විට, සංවිධානාත්මක අපරාධවලට එරෙහි එහි සටන අවසන් වන්නේ කෙසේදැයි බැලීමට වාර්තාගත සංඛ්‍යාවක් බලා සිටියහ. නමුත් බොහෝ නරඹන්නන්ගේ බලාපොරොත්තු සුන් වූයේ, එය අවසන් වූයේ නපුර ජය ගන්නා ආකාරයෙනි. “මට අවශ්‍ය වුණේ නරක මිනිසුන් නීතිය ඉදිරියට ගෙන ඒමටයි,” එක් රසිකයෙක් පැවසීය. “අපට එම සදාචාරාත්මක අවසානය අවශ්‍ය විය”.

සමාජ විද්‍යාඥ පීටර් බර්ගර් වරක් සඳහන් කළේ…

මිනිසුන්ව අවශ්‍ය පුද්ගලයින්

ක්‍රීඩා ලේඛකයෙකු ලෙස ඔහුගේ වෘත්තියේ ඉහළම තලයට ගොස් සිටි අවස්ථාවේ, ඬේව් කින්ඩ්‍රඬේ ප්‍රධාන ක්‍රීඩා ඉසව් සහ ශූරතාවන් සිය ගණනක් ආවරණය කර තිබූ අතර මොහොමඩ් අලිගේ ජීවන චරිතය ලිවීය. විශ්‍රාම යාමේදී අලසකමක් ඇති වූ ඔහු ප්‍රදේශයේ පාසලක බාලිකා පැසිපන්දු ක්‍රීඩාවලට සහභාගි වීමට පටන් ගත්තේය. වැඩි කල් නොගොස් ඔහු සෑම ක්‍රීඩාවක් ගැනම විස්තර ලිවීමට සහ ඒවා අන්තර්ජාලයේ පළ කිරීමට පටන් ගත්තේය. ඬේව්ගේ…

ජීවමාන ජලය

කැපූ මල් පැමිණියේ ඉක්වදෝරයෙන්ය. මෙම මල් මගේ නිවසට ගෙනෙන විට, ඒවා නැවී, මැළ වී තිබුණි. ප්‍රබෝධමත් සිසිල් ජලයෙන් ඒවා පණ ගන්වන්නැයි උපදෙස්වලින් කියැවිණි. කෙසේ වෙතත්, ඊට පෙර, මල් කඳන්වල කොන් කපා දැමීම කළ යුතු වූයේ ඒවාට ජලය වඩාත් පහසුවෙන් උරා ගැනීමට පුළුවන් වන නිසාය. නමුත් ඒවා නොනැසී තිබේද?

පසු දා උදෑසන මම මගේ පිළිතුර සොයා ගත්තෙමි. මා මින් පෙර කිසිදා…