ඔගස්ටින්ගේ ස්ව්‍යං චරිතාපදානයේ පාපොච්චාරණය විස්තර කරන්නේ ඔහු යේසුස්වහන්සේ වෙත පැමිණි දිගු ගමන ගැනය. එක් අවස්ථාවක, ඔහු අධිරාජ්‍යයාට අධික ප්‍රශංසනීය කතාවක් (බොරු හොඳක් කියා පෑමට) කිරීමට මාලිගාවට යමින් සිටියේය. රැවටිලිකාර අත්පොළසන් හඬ ගැන ඔහු කලබල වෙමින් සිටිද්දී බේබදු යාචකයෙකු “විහිලු කරමින් සිනාසෙමින්” සිටිනු දුටුවේය. බොහෝ අඩු උත්සාහයකින් මත්පැන් බීමෙන් තමා බලාපොරොත්තුවූ සතුටක් බේබද්දෙකුට ඇති බව ඔගස්ටීන්ට වැටහුණි. එබැවින් ඔගස්ටින් ලෞකික සාර්ථකත්වය සඳහා වෙහෙසීම නතර කළේය.

එහෙත් ඔහු තවමත් තෘෂ්ණාවලින් වහල් වී සිටියේය. පාපයෙන් නො හැරී යේසුස්වහන්සේ වෙත යා නොහැකි බව ඔහු සිතා සිටියත්, ඔහු තවමත් ලිංගික දුරාචාරය සමඟ අරගල කළේය. ඒ නිසා ඔහු මෙසේ යාච්ඤා කළේය, “මට පිරිසිදුකම ලබා දුන මැනව . . . නුමුත් දැන් නොවෙයි”.

ඔගස්ටින් ගැළවීම සහ පාපය අතර පොර බැදූ අතර අවසානයේ ඔහුට ඇතිවන තෙක් ජීවිතය ගෙන ගියේය. යේසුස්වහන්සේ වෙතට හැරුණු අන් අයගේ බලපෑමෙන් ඔහු රෝම පොතේ 13 පරිච්චේදයේ 13-14 පද වලට බයිබලය විවෘත කළේය. “ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, . . . නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.”

එය සාර්ථක විය. දෙවියන්වහන්සේ එම දේවානුභාවය ලත් වචන භාවිතා කර ඔගස්ටින්ගේ තෘෂ්ණා දම්වැල බිඳ දැමූ සේක. “පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක. උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ” (කොලොස්සි 1:13-14) බව ඔහු අවබෝධ කර ගත්තේය. ඔගස්ටින් මුල් සභාවේ නායකයෙකු බවට පත් වූ අතර ඔහු කීර්තිය හා කාමය නිසා පරීක්ෂාවට ලක් වූ අයෙක් ලෙස සිටියේය, නමුත් පව් කළ විට සොයා ගත යුත්තේ කවුරුන්දැයි ඔහු දැන් දැන සිටියේය. ඔහු යේසුස්වහන්සේ වෙතට හැරුණේය. ඔබ එසේ කර තිබේද?