මෑතකදී මට උපකාර වචනයක් හමු විය. එය “ශීත සෘතුකරණය”යි. ස්වාභාවික ලෝකයේ ශීත සෘතුව වේගය අඩු කාලයක් වුවද කර්තෘ කැතරින් මෙම වචනය භාවිතා කරන්නේ ජීවිතයේ “ශීත” සෘතුවල අපි වේගය අඩු කර නිසලව සිටිය යුතු බව විස්තර කිරීමටය. මගේ පියා පිළිකාවකින් මිය ගිය පසු මාස ගණනක් මාගේ ශක්තිය වැගුරුණාක් මෙන් මට දැණුනු අතර මට මෙම සාදෘශ්‍ය ඉතා උපකාරී විය. මෙම වේගය අඩු වීමට විරෝධය පාමින් මගේ ශීත සෘතුවට විරුද්ධව මම සටන් කළේ ග්‍රීෂ්ම සෘතුවේ ජීවිතය නැවත පැමිණෙන ලෙසට යාච්ඤා කරමිනි. නමුත් මට බොහෝ දේ ඉගෙනීමට තිබුණි.
දේශනාකාරයා සුප්‍රසිද්ධව ප්‍රකාශයක් කරයි : “අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද තිබේ……….. සිටුවන්ට කාලයක්ද සිටවූ ඒවා උදුරා දමන්ට කාලයක්ය. අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය. විලාප තියන්න කාලයක් සහ නටන්ට කාලයක්ය” (3:1-4). මම මේ වචන වසර ගණනාවක් කියවා තිබුණු නමුත් මට ඒවා අවබෝධ වූයේ මගේ ශීත සෘතුවේදීය. අපට ඒවා ගැන වැඩි පාලනයක් නැති වුවද එක් එක් සෘතුව සීමා සහිතය. ඒවායෙහි කාර්යය නිමවූ පසු ඒවා පහව යන්නේය. අපට සෑම විටම ඒ කුමක්ද කියා තේරුම් ගැනීමට නොහැකි වුවද ඒවා තුළින් දෙවියන්වහන්සේ අප තුළ යම් කැපී පෙනෙන කාර්යයක් ඉෂ්ට කරන සේක (11 පදය). දුක් වීමේ මගේ කාලය අවසන් නොවීය. නමුත් එසේ වූ විට නැටීම නැවත එයි. ශාඛ සහ සතුන් ශීත සෘතුව සමග සටන් නොකරන්නාක් මෙන් නැවුම් කිරීමේ කාර්යය කිරීමට එයට ඉඩදී මම නිසලව සිටිය යුතු වෙමි.
මිතුරෙක් මෙසේ යාච්ඤා කළේය : “මේ අසීරු කාලයේදී ෂෙරිඩන් තුළ ඔබගේ යහපත් කාර්යය කළ මැනව”. එය මගේ යාච්ඤාවට වඩා යහපත් විය. මක්නිසාදයත් සෘතු දෙවියන්වහන්සේගේ හස්තයේ අරමුණක් සහිත දේවල් නිසාය. එකිනෙකා තුළ උන්වහන්සේගේ නව්‍යකරණයේ කාර්යයන්ට අපි භාර වෙමු.