අපගේ දෙමව්පියන්ගේ මහ ගෙදරින් අපගේ සහෝදරයන් සහ පවුලේ අය දෙමව්පියන්ගේ බඩු බාහිරාදිය වෙනත් තැන් වලට ගෙන යමින් දවස ගත කළෙමු. සන්ධ්‍යාවේ අගභාගයේ අවසන් භාණ්ඩ ටික ගැනීමට නැවත එහි ගොස් නිවසේ පිටුපස සිට අප ඡායාරූපයකට මුහුණ දුන්නේ ඒ අපගේ පවුලේ ගෙදරට යන අවසන් වතාව බව දැන සිටි හෙයිනි. මගේ මව මා දෙසට හැරී “දැන් එය සම්පූර්ණයෙන්ම හිස්” යයි කියන විට මම කඳුළු නොසළා සිටීමට සටන් කළෙමි. එය මගේ මතකය අලුත් කළේය. වසර පනස් හතරක මතකයන් ගබඩා කර තිබූ නිවස දැන් හිස්ය. ඒ ගැන නොසිතා සිටීමට මම උත්සාහ කළෙමි.

මා සිතෙහි ඇති වේදනාව විලාප ගී පොතෙහි යෙරෙමියාගේ මුල් වචන සමග දෝංකාර දෙන්නේය. “සෙනග ගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි!” (1:1). වැදගත් වෙනසක් වූයේ යෙරුසලම හිස් වූයේ “ඇගේ අපරාධ රාශිය නිසා” ය (5 පදය). දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනග බබිලෝනියේ විප්‍රවාසයට හැරියේ ඔවුන් උන්වහන්සේට විරුද්ධව කැරළි ගසා පසුතැවිලි වීමට අකමැති වූ නිසාය (18 පදය). මගේ දෙමාපියන් නිවස අත් හැරියේ පාපය නිසා නොවේ. අවම වශයෙන් සෘජුව නොවේ. නමුත් උයනේදී ආදම් කළ පාපය නිසා ජීවිත කාලය තුළ සෑම කෙනෙක්ගේම සෞඛ්‍ය පිරිහෙන්නේය. අප වයසට යන විටඅපට කළමනාකරණය කර ගත හැකි නිවාස වලට යාම අසාමාන්‍ය නොවේ.

අපගේ සාමාන්‍ය නිවස විශේෂිත කළ මතකයන් නිසා මම ස්තුතිවන්ත වෙමි. වේදනාව ප්‍රේමයේ මිළයයි. ඊළඟ සමු ගැනීම දෙමාපියන්ගේ නිවසට නොව දෙමාපියන්ට බව මම දනිමි. මම හඬමි. මම යේසුස්වහන්සේට එන්න එන්න කියා මොර ගසමින් සමුගැනීම් නතර කර සියල්ල ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස ඉල්ලමි. මගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළය.