සංචාරක විධායක නිලධාරියෙක් ලෙස ෂෝන් සිප්ලර් අමුතු ගැටළුවක් සමග පොර බැදුවේය. හෝටල් කාමර වල ඉතිරිවන සබන් කැබලි වලට සිදුවන්නේ කුමක්ද? ඒවා කුණු ගොඩට විසි කර දමනවා වෙනුවට මිලියන ගණනක් සබන් කෑලි වලට නව ජීවයක් ලබා දිය හැකි බව ඔහු කල්පනා කළේය. ඒ හෙයින් ඔහු ලෝකය පවිත්‍ර කිරීම යන ව්‍යාපෘතිය ආරම්භ කරමින් හෝටල් අටදාහක පමණ ප්‍රමාණයකද නැව්වල සහ ගිමන් හල් වලද වීසි කරන සබන් කෑලි රැගෙන ඒවා ජීවානුහරණය කර අලුත් සබන් බාර් (කුට්ටි) වලට මාරු කරමින් උපකාර කළේය. එසේම රටවල් සිය ගණනක අවශ්‍යතාවයෙන් පෙළෙන රටවල් වලට ඒවා යවා තිබේ. ප්‍රතිචක්‍රීයකරණ ලද සබන් අපවිත්‍රතාවය නිසා සෑදෙන රෝග සහ මරණය වළක්වා ගැනීමට උපකාර කළේය.

සිප්ලර් කියන්නාක් මෙන් “එය විහිළුවක් වගේය. නමුත් ඔබගේ හෝටල් කාමරයේ ඇති සබන් කැබැල්ලට සත්‍ය ලෙස ජීවිතයක් බේරා ගත හැකිය”.

භාවිතා කර ඇති හෝ කිලිටි වී ඇති හෝ යමක් රැගෙන එයට අලුත් ජීවයක් දීම අපගේ ගැළවුම්කරුවාණන්ගේ උසස්ම ප්‍රේමණීය ගුණාංගය වන්නේය. කුඩා රොටී පහකින් සහ කුඩා මසුන් දෙදෙනෙකුගෙන් පන්දහසකට කන්න දීමෙන් පසුව යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට කීවේ “කිසිවක් නැති නොවන පිණිස ඉතිරි වූ කැබලි එකතු කරන්න” යනුවෙනි (යොහන් 6:12).

අපගේ ජීවිත “දියවී” ඇතැයි අප සිතන විට දෙවියන්වහන්සේ එය දකින්නේ නාස්ති වූ ජීවිතයක් ලෙස නොව උන්වහන්සේගේ හාස්කමක් ලෙසිනි. උන්වහන්සේගේ දෑස් ඉදිරියෙහි කිසිවක් විසි නොකරන්න. අලුත් රාජ්‍යයේ කාර්යන් වෙනුවෙන් අප තුළ දිව්‍යමය හැකියාවක් තිබේ. “එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තූළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න, සියල්ලම අලුත් වී තිබේ” (2 කොරින්ති 5:17). අපව අලුත් කරන්නේ කුමක්ද? අප තූළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.