“මාව සෝදන්න”. ඒ වචන මාගේ වාහනයේ ලියා නොතිබුණද එය ලිවිය හැකිව තිබුණි. ඒ හෙයින් මෝටර් රථ සෝදන ස්ථානයකට මම ගියෙමි. මෑතකදී හිම වැටී තිබුණු ලුණු සහිත පාරවල් වල ගමන් කිරීම නිසා ඉතිරි වූ කැලැල් වලින් නිදහස ලැබීම සඳහා අන් රියැදුරන්ද වාහන සෝදන ස්ථානයට ආහ. පෝලිම් දීර්ඝ වූ අතර සේවය ඉතා සෙමෙන් සිදු විය. නමුත් එසේ බලා සිටීම වටින්නේය. මට පවිත්‍ර වාහනයක් ලැබුණු අතර සේවය ප්‍රමාද වීම නිසා වාහනය සේදීම නොමිළයේ කෙරුණි.

වෙන කෙනෙකුගේ වියදමෙන් පවිත්‍ර වීම – යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වන්නේ එයයි. යේසුස් වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම තුළින් දෙවියන්වහන්සේ අපගේ පාපවලට සමාව සපයා ඇත. ජීවිතයේ “කුණු සහ තෙල්” ඇඟේ තැවරුණ විට “නෑමේ” අවශ්‍යතාවය නොහැඟුණේ අපගෙන් කාටද? ආත්මාර්ථකාමී හානිකර අදහස් සහ ක්‍රියාවලින් අපට කැලැල් ඇති වූ විට හෝ දෙවියන්වහන්සේ සමග ඇති සාමය අපගෙන් සොරා ගන්නා ලද විට හෝ පවිත්‍ර වීම අපට අවශ්‍ය නොවූයේද? ඔහුගේ ජීවිතයේ පරීක්‍ෂාව ජයගත් විට ගීතාවලිය 51 දාවිත්ගේ මොර ගැසීම වූයේය. ඔහුගේ පාපය මුහුණට කියා දුන් ආත්මික උපදේශකයෙක් (2 සාමුවෙල් 12 බලන්න) ඔහුට මුණ ගැසුණු විට “මාව සේදුව මැනව” කියා ඔහු යාච්ඤා කළේය. “හිසොපින් මා පිටිසිදු කළ මැනව. එවිට මම පවිත්‍ර වන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි” (7 පදය). කිළිටි බව හෝ සිත දොස් තැබීම හෝ හැඟෙන්නේද? මෙම වචන සිහිපත් කර ගෙන යේසුස්වහන්සේ වෙත යන්න. “අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨ කමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක” (1 යොහන් 1:9).