මගේ මිතුරාගේ ඇස්වලින් පෙන්නුම් කළේ මා තුළ බියක් ඇති බවයි. යෞවනයන් වන අප දෙදෙනා හොඳින් නොහැසිර දැන් කඳවුරු අධ්‍යක්‍ෂක ඉදිරියෙහි තැති ගැන්මෙන් සිටියෙමු. එම මනුෂ්‍යයා අපගේ පියවරුන් හොඳින් දැන සිටි අතර ප්‍රේමයෙන් නමුත් සෘජුව අප සමග පැවසුවේ අපගේ පියවරුන් කලකිරීමට පත් වනු ඇත කියාය. අපට මේසය යටට රිංගා ගොස් සැඟවෙන්න අවශ්‍ය වූයේ අපගේ වරදට පුද්ගලික වගකීමේ බර අපට දැණුන හෙයිනි.

පාපය ගැන පුද්ගලික වගකීම් ගැබ්ව තිබුණු (ශෙපනියා 1:1-7) පණිවුඩයක් යූදා සෙනගට දෙන පිණිස දෙවියන්වහන්සේ ශෙපනියාට දුන් සේක. යූදාගේ සතුරන්ට එරෙහිව ගෙන එන විනාශයන් ප්‍රකාශ කර (2 පරිච්ඡේදය) දෙවියන්වහන්සේ තම ඇස් වරදකාරීව ඇඹරෙමින් සිටින ජනතාව වෙතට හැරෙවු සේක (3 පරිච්ඡේදය). “කැරළි කාරවූ, අපවිත්‍රවූ, පීඩා කරන්නාවූ නුවරට (යෙරුසලමට) දුක්වේ!” යයි දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක. එහෙත් ඔව්හු “තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍යකළෝය” (7 පදය).

තම සෙනගගේ ගල්වූ සිත්ද ඔවුන්ගේ ආත්මික උදාසීනකමද කැත කෑදරකමද දැක උන්වහන්සේ ප්‍රේමණීය විනයක් ගෙන ඒන සේක. ඒ “නායකයන්ද”, “විනිසුරුකරුවන්ද”, “අනාගතවක්තෘන්ද” කියා ප්‍රශ්නයක් නැත (3-4 පද). සෑම කෙනෙක්ම උන්වහන්සේ ඉදිරියෙහි වරදකරුවන් වන්නේය.

පාපයෙහි පවතින යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන් වෙනුවෙන් පාවුල් පහත දැක්වෙන පරිදි ලියා තිබේ. “නුඹේ සිතේ මුරණ්ඩු කමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ වූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස් කර ගන්නෙහිද?” (රෝම 2:5-6). එම නිසා යේසුස්වහන්සේගේ බලයෙන් අපගේ ශුද්ධවූ ප්‍රේමණීය පියාණන්වහන්සේට ගෞරව ලැබෙන පසුතැවිල්ලකට යොමු වන ක්‍රමයකට අපි ජීවත් වෙමු.