1992 දී බිල් පින්ක්නි ඉතා භයානක අසීරු උපද්‍රව සහිත ශ්‍රේෂ්ඨ දකුණු අර්ධ ද්වීපය හරහා රුවල් නැවකින් ලොව වටා යාත්‍රා කළේ උසස් අරමුණක් ඇතුවය. ඔහුගේ ගමන දරුවන්ව ජ්වලිත කිරීමට හා දැනුවත් කිරීමටය. ඒ සඳහා කලින් ඔහු ගිය චිකාගෝ මූලික පාසැලේ දරුවන් ඇතුළත් විය. ඔහුගේ අරමුණ? ඒ වෙහෙස වී ඉගෙන ගැනීමෙන් සහ කැපවීමෙන් (ඔහුගේ බෝට්ටුවට ඔහු යෙදූ නම) කොපමණ දුරක් යා හැකිද යන්න පෙන්වීමටය. බිල් පාසැල් දරුවන් “කැපවීම” යන බෝට්ටුවෙන් ගෙන යද්දී “ඔවුන්ගේ අතේ සුක්කානම තිබෙද්දී ඔවුහු පාලනයද, තමන්ව පාලනය කර ගැනීමද කණ්ඩායමක වැඩ කරන ආකාරයද ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කෙනෙක්ට අවශ්‍ය සියලු මූලික කාරණාද ඉගෙන ගන්නේය” කියා ඔහු කීවේය.

පින්ක්නිගේ වචන සාලමොන්ගේ ප්‍රඥාවේ චිත්‍රයක් අපට ඉදිරිපත් කරයි. “මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය. එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය” (හිතෝපදේශ 20:5). තමන්ගේ ජීවිතවල ඉලක්ක පරීක්‍ෂා කර ගන්නා ලෙසට ඔහු අන් අයට ඇරයුම් කරයි. එසේ නොවූවහොත් “මේක කැප යයි ඉක්මන් වී කියා බාරවල් වුණාට පසු විභාග කිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය” (25 පදය).

සංසන්දනාත්මකව පින්ක්නිට පැහැදිළි ඉලක්කයක් තිබුණු අතර අවසානයේ ඔහුගේ ගමනෙන් ඉගෙන ගැනීමට එක්සත් ජනපදය පුරා සිසුන් තිස්දහසක් ජ්වලිත කිරීමට ඔහුට හැකි වුනි. ජාතික නැව් පැදවීමේ එකමුතුවේ සාමාජිකයෙක් වූ පළමු කළු ඇමෙරිකානුවා ඔහු විය. “ළමයින් බලා සිටිති” කියා ඔහු කීවේය. ඊට සමාන අරමුණකින් දෙවියන්වහන්සේ අපට දී ඇති ගැඹුරු උපදෙස් සහිත ආඥා අනුව අපගේ ගමන සකස් කර ගනිමු.