“මට හමුවන සෑම දුකක්ම මම මනින්නෙමි” කියා 19 වන සියවසේ කිවිඳියක වන එමිලි ඩික්සන් ලීවාය. පටු වූ/ සොයා විමසන ඇස්/ඒවා මගේ මෙන් බරද/නැත්නම් පහසු ප්‍රමාණයක්ද යනුවෙන් ලිවීය. ඒ කවිය ජීවිත කාලය පුරාම සෙනග තමන් ලද තුවාල ඔසවා ගෙන යන අසමසම මාර්ගය පෙන්වන ගලායන ආවර්ජනයකි. ඩික්සන් සැක සහිතව පවසන්නේ ඇයගේ එකම සහනය ගැනයි : එනම් කල්වාරියේදී ගැළවුම්කරුවාණන්ගේ තුවාල වලින් පරාවර්තනය වන ඇයගේ තුවාල දැකීමෙන් ලැබෙන පසාරුකර ගෙන යන සහනයයි. “සමහරක් මාගේ ඒවා මෙන් කියා සිතීම තවමත් මාව මවිතයට පත් කරයි”.

එළිදරව් පොත අපගේ ගැළවුම්කරුවාණන් වන යේසුස්වහන්සේ “මරනු ලැබුවාක් මෙන් පෙණුනු” බටළු පැටවෙක් ලෙසින් පෙන්වා දෙයි (5:6; 12 පදය බලන්න). උන්වහන්සේගේ තුවාල තවමත් විද්‍යාමානය. ඒ උන්වහන්සේගේ ජනතාව නව ජීවනයක් සහ බලාපොරොත්තුවක් ලබන පිණිස තම සෙනගගේ පාපය සහ කලකිරීම තමන්වහන්සේ මතට ගැනීමෙන් ලද තුවාලය (1 පේත්‍රැස් 2:24-25).

ගැළවුම්කරුවාණන් විසින් උන්වහන්සේගේ දරුවන්ගේ ඇස්වලින් “සියලු කඳුළු පිස දමන” අනාගතයේ දිනයක් ගැන එළිදරව් පොත විස්තර කරයි (21:4). යේසුස්වහන්සේ ඔවුන්ගේ දුක අඩු කරන්නේ නැත. නමුත් එකිනෙකාගේ අසමසම දුක ගැන සත්‍ය ලෙස සළකන සේක. ඒ “මරණය… වැලපිමත් හැඬීමත් වේදනාවත් තවත්” නොවන උන්වහන්සේගේ රාජ්‍යයෙහි ජීවිතයේ සුවයේ යථාර්ථයන්ට ඔවුන්ට ආරාධනා කරමින්ය (4 පදය). එහිදී
“ජීවන වතුර උල්පතෙන්” ජලය නොමිළයේ ගලා යන්නේය (6 පදය; 22:2 බලන්න).

අපගේ ගැළවුම්කරුවාණන් අපගේ සියලු දුක් ඔසවා ගත් බැවින් උවන්වහන්සේගේ රාජ්‍යයෙහි අපට විශ්‍රාමය සහ සුවය ලබා ගත හැකිය.