ඩේවිඩ්ගේ රටෙහි යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට පීඩාවන් ඇති වූ අතර ඔවුන්ගේ ගොවිපළ වල සතුන්ද මරණයට පත්වූහ. තමන්ගේ ජීවත් වීමේ මාර්ගය නැතිවූ හෙයින් ඩේවිඩ්ගේ පවුල විවිධ රටවලට විසිර ගියහ. වසර නවයක් තම පවුලෙන් ඈත්ව ඔහු සරණාගත කඳවුරක සිටියේය. දෙවියන්වහන්සේ ඔහු සමග සිටින බව ඔහු දැන සිටියත් වෙන්වීමේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් මිය ගියහ. ඔහු කලකිරීමට පත්වූහ.

බොහෝ කලකට පෙර තවත් මනුෂ්‍ය කණ්ඩායමක් කුරිරු පීඩාවකට ලක් වූහ. එම නිසා ඒ මිනිසුන් වන ඉශ්‍රායෙල් වරුන්ව ඊජීප්තුවෙන් පිටතට ගෙන එන පිණිස මෝසෙස්ව පත් කළ සේක. මෝසෙස් අකමැත්තෙන් එකඟ විය. නමුත් ඔහු ඊජිප්තුවේ පාලකයා වන ඵාරාවෝ වෙත පැමිණි විට ඔහු කළේ පීඩාව තවත් වැඩි කිරීමය (නික්මයාම 5:6-9). “මම ස්වාමින්වහන්සේ නාඳුනමි. ඇරත් ඉශ්‍රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමි” (2 පදය) කියා ඔහු කීවේය. සෙනග මෝසෙස්ට පැමිණිළි කළ අතර මෝසෙස් දෙවියන්වහන්සේට පැමිණිළි කළේය (20-23 පද).

අවසානයේදී ඉශ්‍රායෙල්වරුන් මුදා ගෙන ඔවුන්ට අවශ්‍ය නිදහස ලබා දුන් සේක. නමුත් ඒ දෙවියන්වහන්සේගේ ක්‍රමයට සහ උන්වහන්සේගේ වෙලාවටය. අපට උන්වහන්සේගේ චරිතය උගන්වමින් සහ වඩාත් විශාල දෙයක් සඳහා අපව සුදානම් කරමින් දෙවියන්වහන්සේ දීර්ඝ ක්‍රීඩාවක් කරන සේක.

නව දිල්ලි සෙමනේරියෙන් උසස් උපාධියක් ලබා ගනිමින් ඩේවිඩ් අනාථ කඳවුරේ සිටි කාලය හොඳින් භාවිතා කළේය. තමා මෙන් නව නිවසක් සොයා ගත් සරණාගතයන් වූ තමන්ගේම සෙනගකට ඔහු දැන් සභාපාලකයෙක් ලෙස සේවය කරයි. “සරණාගතයෙක් වූ මගේ කථාව සේවකයෙක් ලෙසට මගපෙන්වන ලද සියුම් පරීක්‍ෂණයකි” කියා ඔහු කීවේය. ඔහුගේ සාක්‍ෂියේදී ඩේවිඩ්, මෝසෙස්ගේ ගීතිකාවක් වන නික්මයාම 15:2 ගෙන හැර දක්වමින් “මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමින්වහන්සේය” යනුවෙන් පවසයි. එසේම අද දවසේ උන්වහන්සේ අපටද එසේමය.