බටහිර වර්ජිනියාවේ ග්‍රීන්බෑන්ක් ගම රළු ඇපලේචියන් කඳුකරයේ කුඩා සමූහනයකි. එහි එක් ප්‍රධාන වෙනසක් හැර මෙම ගම එම ප්‍රදේශයේ ඇති දුසිම් ගණනක් ගම්වලට සමානකම් පායි. එම ගමේ පදිංචිකරුවන් එකසිය 142 දෙනාටම වයිෆයි ප්‍රවේශය තිබුණේ නැත. එසේ වූයේ ග්‍රීන් බෑන්ක්හී ඇති ග්‍රහලෝකාගාරයේ ඇති දූරදක්නය සෑම විටම අහස දෙසට යොමූ වී ඇති බැවින් වයිෆයි හෝ දූරකථන කණු මගින් වන බාධාවන් නොවන ලෙසටය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උතුරු ඇමෙරිකාවේ තාක්‍ෂණිකව නිසලම ස්ථානය ග්‍රීන් බෑන්ක්ය.

විශේෂයෙන් දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවයෙදීද ඉදිරියට යාමට හොඳම පරිසරය නිසලතාවයයි. යේසුස්වහන්සේද එයට ආදර්ශයක් වී තම පියාණන්වහන්සේට කථා කිරීම සඳහා නිසල හුදකලා ස්ථානයන්ට ගිය සේක. ලූක් 5:16 හි අප කියවන්නේ “උන්වහන්සේ (බොහෝ විට) වනාන්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤා කළ සේක” කියාය. එහි ප්‍රධාන වචනය වන්නේ “බොහෝ විට” යන්නයි. මෙය ක්‍රිස්තුස්වහන්සේගේ සාමාන්‍ය පුරුද්දක් වූ අතර එය අපට පූර්ණ උදාහරණයක් තබා තිබේ. තම පියාණන් මත යැපීම ගැන විශ්වයේ මැවුම්කරුවාණන් මෙතරම් දැනුවත් වූයේ නම් අපට උන්වහන්සේව කෙතරම් අවශ්‍ය වනු ඇද්ද!

දෙවියන්වහන්සේගේ අභිමුඛයේ නැවුම් වීමට නිසල ස්ථානයන්ට යෑම උන්වහන්සේගේ ශක්තියෙන් ඉදිරියට යෑමට අපව සන්නද්ධ කරයි. එවැනි ස්ථානයක් අද දිනයේ ඔබට සොයා ගත හැක්කේ කොහේද?