කොරෝනා වයිරස් වසංගතය අතරතුර, බොහෝ දෙනෙකුට ආදරණීයයන් අහිමි විය. 2020 නොවැම්බර් 27 වෙනිදා, කොවිඞ්-19 නිසා නොවුණත්, මගේ අනූපස් හැවිරිදි අම්මා වන බී.ක්‍රව්ඩර්, මිය ගිය විට අපේ පවුලත් දුකින් පෙළුණු අයගේ කණ්ඩායමට එකතු විය. වෙනත් බොහෝ පවුල්වලට මෙන්, අපටත් අම්මා ගැන ශෝක වීමට හෝ ඇගේ ජීවිතය ගැන ගෞරවය දැක්වීමට හෝ එකිනෙකාව දිරිගැන්වීම හෝ පිණිස රැස්වීමට නොහැකි විය. ඒ වෙනුවට, අපි ඇගේ ආදරණීය බලපෑම සැමරීමට වෙනත් ක්‍රම භාවිතා කළෙමු – එනම්, දෙවියන්වහන්සේ ඇයව ස්වර්ගයට කැඳෙව්වා නම්, ඇය යාමට සූදානම්ව සිටින බවත්, යාමට පවා ආශාවෙන් සිටින බවත් ඇගේ දැඩි ඕනෑකමත් අපට මහත් සහනයක් ගෙන දුන්නේය. අම්මාගේ ජීවිතයේ බොහෝ දේවලින් සනාථ වූ එම විශ්වාසනීය බලාපොරොත්තුව ඇතුව ඇය මරණයට මුහුණ දුන් ආකාරය ද සාක්‍ෂියක් විය.

සිදුවිය හැකි මරණයට මුහුණ දෙමින්, පාවුල් මෙසේ ලිවීය, “ජීවත්වීම නම් ක්‍රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණය ද මට ලාභයක්ය. . . . නමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝ සෙයින් වඩා හොඳය. නුමුත් මාංසයෙහි සිටීම නුඹලා නිසා වඩා ඕනෑ කෙරේ” (පිලිප්පි 1:21, 23-24). රැඳී සිටිමින් අන් අයට උපකාර කිරීමට ඔහු තුළ දැඩි ආශාවක් තිබුණත්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔහුගේ ස්වර්ගීය නිවසට යෑම පිණිස පාවුල්ගේ සිත ඇදී ගියේය.

එවන් විශ්වාසයක්, අප මේ ජීවිතයේ සිට ඊළඟ ජීවිතයට යන මොහොත දෙස බලන ආකාරය වෙනස් කරයි. අපගේ බලාපොරොත්තුව අන් අයට ඔවුන්ගේම අහිමි වීමේ කාලවලදී මහත් සහනයක් ලබා දිය හැකිය. අප ප්‍රේම කරන අයගේ වියෝව ගැන අප දුක් වුවද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් “බලාපොරොත්තුවක් නැත්තාවූ” අය මෙන් දුක් වන්නේ නැත (1 තෙසලෝනික 4:13). සැබෑ බලාපොරොත්තුව උන්වහන්සේව හඳුනන අය සතුය.