වයස අවුරුදු දොළහේදී, ඉබ්‍රාහිම් බටහිර අප්‍රිකාවේ සිට ඉතාලියට පැමිණියේ, ඉතාලි වචනයක්වත් නොදැන, ගොත ගැසීමක් සමඟ පොරබදමින්, සහ සංක්‍රමණ විරෝධී මර්දනයන්ට මුහුණ දෙමිනි. ඒ කිසිවකට වයස අවුරුදු විසි ගණන්වල සිටි මෙම වෙහෙස වී වැඩ කරන තරුණයාව නතර කිරීමට නොහැකි වූ අතර ඔහු ඉතාලියේ ටේ‍රන්ටෝහී පීට්සා අවන්හල විවර කළේය. සැක කරන්නන්ගේ සිත් දිනා ගනිමින් ඔහුගේ කුඩා ව්‍යාපාරය ලොව පුරා හොඳම පීට්සා අවන්හල් පනහෙන් එකක් ලෙස ලැයිස්තුගත වුයේය.

ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඉතාලි වීදිවල කුසගින්නෙන් පෙළෙන දරුවන්ව පෝෂණය කිරීමට උපකාර කිරීමයි. එබැවින් ඔහු නියපොලිටන් සම්ප්‍රදායක් ව්‍යාප්ත කරමින් “පීට්සා පුණ්‍යායතනයක්” දියත් කළේය. “එහිදී පාරිභෝගිකයන්, අවශ්‍යතා ඇති අය සඳහා අමතර කෝපි (කැෆෙ සොස්පෙසෝ) සහ පීට්සා (පීට්සා සොස්පෙසා) මිළදී ගන්නා ලදී. ඔහු සංක්‍රමණික දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අගතියෙන් ඔබ්බට බැලීමට සහ අත් නොහරින ලෙසයි.

එවැනි නොපසුබට උත්සාහයන් සැමට අඛණ්ඩව යහපත කිරීම ගැන ගලාතිවරුන්ට පාවුල් දුන් පාඩම් සිහිපත් කරයි. “තවද යහපත්කම් කිරීමට මැළි නොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපා ගන්නෙමුව” (ගලාති 6:9). පාවුල් තවදුරටත් පැවසුවේ, “.එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිති වූවන්ට, යහපත්කම් කරමු” ලෙසයි (10 පදය).

අගතියට සහ භාෂා බාධකවලට මුහුණ දුන් සංක්‍රමණිකයෙකු වූ ඊබ්‍රාහිම් යහපත කිරීමට අවස්ථාවක් නිර්මාණය කළේය. ඉවසීම සහ අවබෝධය සඳහා ආහාර “පාලමක්” බවට පත් විය. එවැනි නොපසුබට උත්සාහයෙන් පොළඹවනු ලබන අපටත් යහපතක් කිරීමට අවස්ථා සෙවිය හැකියි. එවිට, දෙවියන්වහන්සේ අපගේ අඛණ්ඩ උත්සාහය තුළින් ක්‍රියා කර උන්වහන්සේ මහිමය ලබාගන්නා සේක.