බොහෝ දෙනෙක් ෆරන්ටේ සහ ටයිකා සලකන්නේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පියානෝ වාදන යුගල ලෙසයි. ඔවුන්ගේ සහයෝගිතා ඉදිරිපත් කිරීම් කෙතරම් නිරවද්‍යයද කියනවා නම්, ඔවුන්ගේ විලාසය අත් හතරක් ලෙස විස්තර කරන ලද නමුත් එක් මනසක් පමණක් බව කීවෝය. ඔවුන්ගේ සංගීතය ඇසීමෙන් කෙනෙකුට ඔවුන්ගේ ශිල්පය පරිපූර්ණ කිරීමට අවශ්‍ය දැඩි උත්සහය ග්‍රහණය කර ගත හැකිය.

නමුත් තවත් දේ ඇත. ඔවුන් කළ දේට ඔවුහු ආදරය කළහ. ඇත්ත වශයෙන්ම, ඔවුන් 1989 දී විශ්‍රාම ගිය පසුව පවා, ෆරන්ටේ සහ ටයිකා කලින් සූදානමක් නැතුව ප්‍රසංගයක් වාදනය කිරීම සඳහා දේශීය පියානෝ වෙළඳසැලක ඉඳහිට පෙනී සිටියහ. සත්‍යයෙන්ම සංගීතයට ඔවුන් තුළ දැඩි ආසාවක් තිබුණි.

දාවිත්ද සංගීත නිර්මාණයට ප්‍රිය කළේය – නමුත් ඔහු තම ගීතයට උසස් අරමුණක් ලබා දීමට දෙවියන්වහන්සේ සමඟ එකතු විය. ඔහුගේ ගීතිකා තමන්ගේ අරගලයෙන් පිරුණු ජීවිතය සහ දෙවියන්වහන්සේ මත ගැඹුරින් යැපෙමින් ජීවත් වීමට ඔහු තුළ තිබූ ආශාව තහවුරු කරයි. එහෙත්, ඔහුගේ පෞද්ගලික අසාර්ථකත්වයන් සහ අසම්පූර්ණකම් මධ්‍යයේ, ඔහුගේ ප්‍රශංසාව අඳුරුතම කාලවලදී පවා දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ යහපත්කම පිළිගනිමින් ආත්මික “පරිපූර්ණ ගායන ස්වරයක්” ප්‍රකාශ කළේය. දාවිත්ගේ ප්‍රශංසාව පිටුපස ඇති හරය ගීතාවලිය 18:1 හි සඳහන් වේ, එහි කියවෙන්නේ මෙසේය, “මාගේ ශක්තිය වූ ස්වාමිනි, ඔබට ප්‍රේම කරමි”.

දාවිත් තවදුරටත්, “ප්‍රශංසා ලැබිය යුතුවූ ස්වාමීන්ට හඬගසන්නෙමි.” (3 පදය) සහ “මාගේ විපත්තියේදී” (6 පදය) උන්වහන්සේ වෙතට හැරුණෙමි යනුවෙන් සඳහන් කරයි. අපගේ තත්ත්වය කුමක් වුවත්, ප්‍රශංසා කිරීමට සහ නමස්කාර කිරීමට අපගේ හදවත් දෙවියන්වහන්සේ වෙතට ඔසවමු. උන්වහන්සේ සියලු ප්‍රශංසාවන්ට සුදුසු වන සේක!