මිතුරන් කණ්ඩායමක් සමග ජල උයනක සිටිද්දී අපි සුළං පුරවන ලද වේදිකා මත පාවෙන බාධක තරඟයක් කිරීමට උත්සාහ කළෙමු. උඩ යට යන ලිස්සන සුලු වේදිකා මත සෘජුව ගමන් කිරීම ඉතා අපහසු විය. අපි කඳු පල්ලම් සහ පාලම් මතින් යන විට ජලයට වැටෙද්දී කෑගසමින් ගියෙමු. එක් තරඟයක් අවසන් කළ පසු මගේ මිතුරිය සම්පූර්ණයෙන්ම වෙහෙසට පත්ව හුස්මක් ගැනීමට එහි තිබූ එක් කුළුණකට හේත්තු වූවාය. ක්‍ෂණිකව ඇගේ බරට එය නැමී ඇය ජලයට විසිවී ගියාය.

ජල උයනේ ඇලවෙන කුළුණු මෙන් නොව බයිබල් කාලයේ තිබුණු කුළුණ ආරක්‍ෂාවට තිබූ බලකොටුවක් විය. විනිශ්චයකාරයා පොතේ 9:50-51 හි විස්තර කරන්නේ තේබේශ්හී සෙනග තම නගරයට අබිමෙලෙක් පහර දෙන විට ආරක්‍ෂා වීමට ශක්තිමත් කුළුණකට පලා ගිය බවයි. හිතෝපදේශ 18:10 හි ලේඛකයා දෙවියන්වහන්සේ එනම් උන්වහන්සේව විශ්වාස කරන අයව ගළවන තැනන්වහන්සේ කවුද කියා පැහැදිළි කිරීමට ශක්තිමත් කුළුණක රූපකයක් භාවිතා කරයි.

සමහර විට අපි වෙහෙස වී හෝ බිඳී ගිය විට හෝ දෙවියන්වහන්සේගේ ශක්තිමත් කුළුණට හේත්තු නොවී ආරක්‍ෂාව සහ උපකාරය සඳහා රැකියාව, සම්බන්ධතා හෝ භෞතික සහනයන් වැනි වෙනත් දේ සොයන්නෙමු. අප ශක්තිය සඳහා තම වස්තුව දෙස බැලූ ධනවතාට වඩා වෙනස් නොවෙමු (11 පදය). නමුත් මාගේ මිතුරියට උපකාරයක් නොවූ සුළං පිරවු කුළුණ මෙන් මෙම දේවල් වලට අපට ඇත්තටම අවශ්‍ය දේ දීමට නොහැකිය. සියලු බලැති සහ සෑම තත්ත්වයක්ම පාලනය කරන දෙවියන්වහන්සේ සත්‍යය සහනය සහ ආරක්‍ෂාව සපයන සේක.