ජිම් සහ ලැනීඩා විශ්ව විද්‍යාලයේ ප්‍රේමවන්තයෝ වූහ. ඔවුහු විවාහ වූ පසුව වසර ගණනාවක් ප්‍රීතියෙන් සිටියහ. පසුව ලැනීඩා අමතු ආකාරයකට හැසිරෙන්න පටන් ගත්තාය. ඇය නැති වෙන්න පටන් ගත්තාය. නියම කර ගන්නා ලද වෙලාවන් ඇයට අමතක වූවාය. ඇයට ඉතා ඉක්මණින් එනම් අවුරුදු හතලිස් හතේදී අමතක වීමේ රෝගය සෑදී තිබුණි. දශකයකට පසු ඇයගේ උපස්ථායකයා ලෙස සේවය කළ ජිම්ට “මම කැමතියි යනුවෙන් ඇය කිවූ වෙලාවේ සිට සිතා ගත නොහැකි ලෙසට මගේ භාර්යයාවට ප්‍රේම කිරීමට සහ සේවය කිරීමට මෙම අමතක වීමේ රෝගය අවස්ථාවන් ලබා දී ඇත” කියා කීමට හැකියාව ලැබුණි.

ශුද්ධාත්ම දීමනා ගැන පැහැදිළි කරමින් අපෝස්තලු පාවුල් ප්‍රේමයේ ගුණාංගය ගැන විස්තරාත්මකව ලිවීය (1 කොරින්ති 13). ඔහු ප්‍රේමයේ හදවතින් ගලා එන සේවයේ ක්‍රියාවන් ගැනද ලිවීය. බලවත් ලෙස කථා කිරීම යහපත් වූවත් ප්‍රේමය නැත්නම් එය අර්ථයක් නැති ශබ්දයක් ලෙසට පාවුල් ලිවීය (1 පදය). “මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත් මාගේ ශරීරය දවන්ට භාර දෙතත් මට ප්‍රේමය නැත්නම් මට කිසි ප්‍රයෝජනයක් නැත” (3 පදය). පාවුල් අවසාන වශයෙන් කීවේ “ඉතා උතුම් එක (දීමනාව) නම් ප්‍රේමය”කියාය (13 පදය).

ප්‍රේමය සහ සේවය ගැන ජිම්ගේ තේරුම් ගැනීම ගැඹුරු වූයේ ඔහුගේ භාර්යයාවට සළකන විටදීය. ඇයට දිනපතා උපකාර කිරීමට ඔහුට ශක්තිය දුන්නේ ගැඹුරු සහ පවතින ප්‍රේමය පමණි. අවසාන වශයෙන් මෙම පූජාවක් සහිතවූ ප්‍රේමය සම්පූර්ණ ලෙස අප දකින ස්ථානය වන්නේ අප කෙරෙහි වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමය තුළය. එම ප්‍රේමය නිසා අප වෙනුවෙන් මිය යාමට යේසුස්වහන්සේ එවීමට උන්වහන්සේට සිදු වූයේය (යොහන් 3:16). ප්‍රේමයෙන් පොළඹවනු ලැබූ එම පූජාව සදහටම අපේ ලෝකය වෙනස් කළේය.