බොහෝ අවස්ථාවලදී උත්තර පත්‍ර බලමින්ද හවස්වන තුරු සිසුන් සහ දෙමාපියන් සමග සාකච්ඡා කරමින්ද බොහෝ ගුරුවරුන් මෙන් කේරී තම රැකියාවට බොහෝ කාලයක් වැය කරන්නීය. ඇගේ අභියෝගාත්මක රැකියාව පහසු කර ගැනීම සඳහා සහයෝගය සහ ප්‍රායෝගික උපකාරයන් වෙනුවෙන් ඇය තම සමූහනය සහ හවුල් සේවකයන් මත යැපේ. අධ්‍යාපනඥයින් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් සොයා ගෙන ඇත්තේ අප සමග වැඩ කරන අය යටහත්කම ප්‍රදර්ශනය කරන්නේ නම් සහයෝගය විශාල වන බවයි. හවුල් සේවකයන් තමන්ගේ දුර්වලතාවයන් පිළිගැනීමට කැමති වන්නේ නම් කණ්ඩායමේ සෑම කෙනෙකුටම උපකාර කළ හැකි වන පරිදි එකිනෙකා සමග තම දැනුම බෙදා ගැනීමට අන් අයට සුරක්‍ෂිතභාවයක් ඇති වනු ඇත.

හවුල් එකමුතුකමේ ගුණාත්මක භාවය තීව්ර කිරීමට වඩා යටහත්කමේ වැදගත් කම ගැන බයිබලය උගන්වයි.
“ස්වාමින්වහන්සේ කෙරෙහි භයවීම” එනම් දෙවියන්වහන්සේගේ බලය සහ තේජස සමග අපි කවුද යන්න ගැන හරියාකාරව තේරුම් ගැනීමේ විපාකය නම් “වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය” (හිතෝපදේශ 22:4). යටහත්කම සමූහනයේ ජීවත් වීමට අපව යොමු කරන්නේ ලෝකයේ නොව දෙවියන්වහන්සේගේ ඵලදායී ආර්ථිකයේ ජීවත් වීමටය. මක්නිසාදයත් අපගේ ස්වභාවය ඇති හවුල් සේවකයින්ට ප්‍රයෝජනවත් වීමට අපි සොයන හෙයිනි.

අපි දෙවියන්වහන්සේට බියවන්නේ අපටම “වස්තුවත් ගෞරවයත් ජීවිතයත්” ලබා ගැනීමේ මාර්ගයක් ලෙස නොවේ. එය ඇත්තෙනම සත්‍යය යටහත්කම නොවේ. ඒ වෙනුවට අප අනුගමනය කරන්නේ “…. වස්තුවකැයි නොසිතා එය ඉවත්කර දාසයෙකුගේ ස්වරූපය” ගත් (පිලිප්පි 2:7) යේසුස්වහන්සේවය. එවිට උන්වහන්සේට සේවය කිරීමටද උන්වහන්සේට ගෞරවය දැක්වීමටද අප අවට ලෝකයට ජීවනයේ පණිවුඩය ගෙන යාමටද යටහත්ව කටයුතු කරන ශරීරයක කොටස් කරුවන් වීමට අපට හැකි වන්නේය.