දරුවෙක් ලෙස මම දුටුවේ වැඩිහිටි අය ණැනවත් බවත් ඔවුන්ට වැරදීමක් සිදු විය නොහැකි බවත්ය. කළ යුත්තේ කුමක්දැයි ඔවුන් සෑම විටම දැන සිටියේ යයි මම කල්පනා කළෙමි. දවසක මමත් වැඩිහිටියෙක් වූ විට මමත් සෑම විටම කළ යුතු දේ කුමක්දැයි දැන ගන්නවා ඇත. වසර ගණනාවකට පෙර එක් දිනක් පැමිණියේය. නමුත් බොහෝ අවස්ථාවන් වලදී එය මට උගන්වා තිබුණේ තවමත් කළ යුත්තේ කුමක්දැයි මා නොදන්නා බවයි. පවුලේ රෝගයක්, වැඩපළේ ප්‍රශ්න හෝ සම්බන්ධතාවයන්ගේ ගැටළු හෝ වැනි කුමන අවස්ථාවකදී වූවත් ඒවා පුද්ගලික පාලනය සහ ශක්තිය උදුරා ගන්නේය. ඒ සියල්ල මට ඉතිරි කරන්නේ එක් විකල්පයක් පමණි. එනම් දෑස් වසා ගෙන “ස්වාමිනී, මට උපකාර කරන්න. කළ යුත්තේ කුමක්දැයි මම නොදනිමි” කියා කෙඳිරීම පමණි.

අපෝස්තලු පාවුල් අසරණකමේ මෙම හැඟීම තේරුම් ගත්තේය. ඔහුට විශාල අසහනයක් සහ වේදනාවක් ගෙන දුන් ඔහුගේ ජීවිතයේ “උල” ශාරිරික ආබාධයක් විය හැකිය. කෙසේ වෙතත් එම උල තුළින් පාවුල් දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පොරොන්දු සහ අසීරුතා මැඩ පැවැත්වීමට සහ දරා ගැනීමට අවශ්‍ය ආශිර්වාදද අත් වින්දේය (2 කොරින්ති 12:9). පුද්ගලික දුර්වලකම් සහ අසරණකම යන්නෙන් අදහස් වන්නේ පරාජය නොවන බව ඔහු ඉගෙන ගත්තේය. විශ්වාසයෙන් දෙවියන්වහන්සේට කැප වන කල මෙම තත්ත්වයන් වලදී සහ ඒවා තුළින් ක්‍රියා කිරීමට ඒවා දෙවියන්වහන්සේට උපකරණ වන්නේය (9-10 පද).

අපි වැඩිහිටියන් වීම යන්නෙන් අදහස් වන්නේ අපි සෑම දෙයම දන්නා බව නොවේ. වයස සමග අපි ණැනවත් වන බව සත්‍යයකි. නමුත් අවසානයේ අපගේ දුර්වලතා අපි කෙතරම් දුර්වලදැයි බොහෝ විට එළිදරව් කරන්නේය. අපගේ සත්‍යය බලය ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ තුළය. “මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි” (10 පදය). ඇත්තෙන්ම වැඩිහිටි වීම යන්නෙන් අදහස් වන්නේ දැන ගැනීම, විශ්වාස කිරීම සහ දෙවියන්වහන්සේගේ උපකාරය අපට අවශ්‍යයයි අපි විශ්වාස කරන විට පැමිණෙන බලයද වන්නේය.