“මම අයිතිකරුද නැත්නම් භාරකරුද?” තම පවුලට වඩාත් හොඳම දෙය කුමක්දැයි යන්න ගැන සිතන ලොව දැවැන්ත සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා තමාගෙන්ම මෙම ප්‍රශ්නය ඇසුවේය. අධික වස්තුව සමග පැමිණිය හැකි පරීක්‍ෂාවන්ගේ අභියෝගයන් තම උරුමක්කාරයින් මත පැටවීමට ඔහුට අවශ්‍ය නොවීය. එම නිසා ඔහු තම සමාගමේ අයිතිය අත හැර භාරකාර මණ්ඩලයකට පැවරීය. තමාට අයිති සියල්ල දෙවියන්වහන්සේට අයිති බව තේරුම් ගෙන රැකියාව ජීවනෝපායකට හුවමාරු කිරීමට පවුලේ අයට ඉඩ හැරීමටද ව්‍යාපාරයේ ලාභ කිතුනු සේවය සඳහා යෙදවීමටද ඔහු තීරණය කළේය.

ගීතාවලිය 50:10 හි දෙවියන්වහන්සේ තම සෙනගට පවසන්නේ “….. වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය” කියාය. සියල්ලෙහි මැවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ අපට ණය නැත. එසේම අපෙන් කිසිවක්ද උන්වහන්සේට අවශ්‍ය නැත. “තාගේ ගෙයින් ගොනෙක්වත් තාගේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි” (9 පදය) කියා උන්වහන්සේ පවසන සේක. අපට ඇති සෑම දෙයක්ම උන්වහන්සේ ත්‍යාගශීලිව සපයනවාක් මෙන්ම ජීවනෝපාය සඳහා ඒවා පාවිච්චි කිරීමට අවශ්‍ය ශක්තිය සහ හැකියාවද ලබා දෙන සේක. ගීතයේ දැක්වෙන්නේ උන්වහන්සේ එසේ කරන බැවින් අපගේ හෘදයාංගම නමස්කාරය ලැබීමට උන්වහන්සේ සුදුසු බවයි.

සියල්ල දෙවියවන්වහන්සේට අයිතිය. නමුත් උන්වහන්සේගේ යහපත්කම නිසා උන්වහන්සේ වෙතට හැරෙන ඕනෑම කෙනෙක් සමග සම්බන්ධතාවයකට පැමිණෙන අයට උන්වහන්සේවම දීමට පවා උන්වහන්සේ තෝරා ගත් සේක. යේසුස්වහන්සේ පැමිණියේ “සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිළයක් කොට තමාගේ ජීවිතය දෙන්ට….”ය (මාර්ක් 10:45). තෑගි වලට වඩා තෑගි දෙන තැනැත්තාණන් අපි අගය කරන විටත් ඒවායින් උන්වහන්සේට සේවය කරන විටත් සදාකාලයටම උන්වහන්සේ තුළ ප්‍රීතිවන්න අපි ආශිර්වාදවත් වන්නෙමු.