මේරි ෂෙලිගේ “ෆ්‍රැන්කන්ස්ටයින්” නැමති පොතෙහි “මකරා” නැමති අපගේ සංස්කෘතිය කල්පනාවට ගෙන එන චරිතය සුප්‍රසිද්ධ එකකි. නමුත් ආදරණීය නව කථාවේ සමීප පාඨකයන් දන්නා කරුණක් වන්නේ ෂෙලී ඇත්තෙන්ම මෙම නව කථාවෙන් ඇත්තම මකරා මැවූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ව පෙන්නුම් කරන බවයි. ඥානවන්ත සත්ත්වයෙක්ව මැවූ පසු වික්ටර් එයට කිසිම මග පෙන්වීමක් මිත්‍රත්වයක් හෝ ප්‍රීතියේ බලාපොරොත්තුවක් හෝ ලබා දීම ප්‍රතික්‍ෂේප කරයි. හරියටම සත්ත්වයාගේ පැවැත්ම කර කියා ගත නොහැකි කම සහ අධික කෝපය පෙන්වීමට මෙන්ය. වික්ටර්ව මුහුණට මුහුණ හමුවී සත්ත්වයා විලාප නගන්නේ “මාගේ මැවුම්කරු වන ඔබ මාව කැබලි වලට ඉරා ජය ගනු ඇත” කියාය.

තමන්වහන්සේගේ මැවිල්ල කෙරෙහි ඇති උන්වහන්සේගේ නොවෙනස් සහ වෙහෙසට පත් නොවන ප්‍රේමයෙන් යුත් සත්‍යය මැවුම්කරුවාණන් කෙතරම් වෙනස්දැයි දේව වචනය එළිදරව් කරන්නේය. දෙවියන්වහන්සේ මැව්වේ හදිසි ආශාවක් නිසා නොවේ. නමුත් ප්‍රේමයෙන් යුතුව උන්වහන්සේ මැව්වේ අලංකාර “ඉතා යහපත්” ලෝකයකි (උත්පත්ති 1:31). මනුෂ්‍ය සංහතිය උන්වහන්සේගෙන් හැරී කුරිරු නපුර තෝරා ගත් විටදී පවා මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් වූ දෙවියන්වහන්සේගේ කැප වීම සහ ප්‍රේමය වෙනස් නොවුනි.

යේසුස්වහන්සේ නිකොදේමුස්ට විස්තර කළ ලෙස තම මැවිල්ලට ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය කෙතරම් විශාලදයත් ලෝකය ගළවා ගැනීම පිණිස තමන්වහන්සේට බොහෝ සෙයින් ප්‍රිය මනාප වූ “උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන්” දීමට පවා සුදානම් වූ සේක (යොහන් 3:16). අපගේ පාපවල විපාක දරා ගනිමින් “සෑම දෙනම සදාකාල ජීවනය ලබන පිණිස” (15 පදය) යේසුස්වහන්සේ අප වෙනුවෙන් පූජා වූ සේක.

අපට සිටින්නේ අපගේ හදවතින් සහ ජීවිත වලින් විශ්වාස කළ හැකි මැවුම්කරුවෙක්ය.