යහපත් එඬේරාණෝ
දේවගැති වොරන් තම සභාවේ සභිකයකු ඔහුගේ බිරිඳ සහ පවුල හැර ගිය බව දැනගත් විට, ඔහු හා කථා කිරීමට හැකි වන පරිදි අහම්බෙන් මෙන් එම පුද්ගලයාව හමුවීමට උදව් කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එසේම, ස්වාමින්වහන්සේ එය කළ සේක! දේවගැති වොරන් අවන්හලකට ගිය විට, ඔහු අසළ මේසයක ඔහු සොයමින් සිටි තැනැත්තාව දුටුවේය. “තවත් බඩගින්නෙන් සිටින මිනිසෙකුට ඉඩක් තිබේද?” යනුවෙන් දේවගැතිතුමා ඇසු අතර,…
හුදකලා වූ මිනිසා
1969 ජූලි 20 වන දින නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් ඔවුන්ගේ යානයෙන් ඉවත් වී සඳ මතුපිට ඇවිද ගිය පළමු මිනිසුන් බවට පත් වූහ. නමුත් ඇපලෝ 11 සඳහා විධාන මොඩියුලයේ පියාසර කළ ඔවුන්ගේ කණ්ඩායමේ තුන්වන පුද්ගලයා වන මයිකල් කොලින්ස් ගැන අපි බොහෝ විට සිතන්නේ නැත.
ඔහුගේ සගයන් චන්ද්‍ර පෘෂ්ඨය පරීක්ෂා කිරීමට ඉණිමගෙන් බැස ගිය පසු, කොලින්ස් සඳෙහි ඈත පැත්තේ තනිවම බලා…
මට සිතාගන්න පමණයි හැකි වන්නේ
නමස්කාර කණ්ඩායම “මට සිතාගත හැකිය” යන ගීතිකාව වාදනය කිරීමට පටන් ගත් විට කාන්තාවකට පිටුපසින් මම දේවස්ථානයේ වාඩි වී සිටියෙමි. කාන්තාවගේ මිහිරි කටහඬ මගේ කටහඬත් සමඟ සමපාත වූ අතර මා දෑත් ඔසවමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෙමි. ඇයගේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන මට පැවසීමෙන් පසු, ඇයගේ ඉදිරි පිළිකා ප්‍රතිකාර අතරතුර අපි එකට යාච්ඤා කිරීමට තීරණය කළෙමු.
මාස කිහිපයකට පසු, ලුයිස් මට පැවසුවේ ඇය මිය…
ඔබගේ නම කුමක් ද?
ඇගේ පළමු සැමියා මිය ගිය පසු ජෙන් නැවත විවාහ විය. ඇගේ නව සැමියාගේ දරුවන් කිසි දිනක ඇයව පිළි නොගත් අතර, දැන් ඔහුද අභාවප්‍රාප්ත වී ඇති බැවින්, ඔවුන් තම ළමා කාලයේ සිටි නිවසේ රැඳී සිටීමින් ඇයට වෛර කළහ. ඇගේ ස්වාමිපුරුෂයා ඇය වෙනුවෙන් සෑහෙන මුදලක් ඉතිරි කර තිබුණි. ඔහුගේ දරුවන් පවසන්නේ ඇය ඔවුන්ගේ උරුමය සොරකම් කරන බවයි. ජෙන් බොහෝ සෙයින් අධෛර්යමත් වූ…
අපි ආගන්තුකයෝ
අලුත් භාෂාව, පාසල්, සිරිත් විරිත්, ගමනාගමනය සහ කාලගුණය වැනි ඔවුන්ගේ අලුත් රටේ සෑම දෙයක්ම දැඩි ලෙස වෙනස් විය. ඔවුන් කවදා කෙසේ හැඩගැසෙන්නේ දැයි කල්පනා කළහ. නව දේශයක ඔවුන්ගේ නව ජීවිතයට උපකාර කිරීමට අසළ පිහිටි දේවස්ථානයක සාමාජීක පිරිසක් එකතු වූහ. පැටී නමැති කාන්තාවක් විසින් මෙම යුවළ දේශීය ආහාර වෙළඳපොළක සාප්පු සවාරියකට කැඳවා ගෙන ගියේ වෙළඳපොළේ තිබෙන දේ පෙන්වීමට සහ භාණ්ඩ මිළදී…
අපේ උතුම් ගුරුවරයාණන් මෙන්
වේගයෙන් ජනප්‍රිය වූ වීඩියෝවක වයස අවුරුදු තුනක සුදු පටි කරාටේ සිසුවියක් ඇගේ උපදේශකයා අනුකරණය කළාය. කුඩා දැරිය ආශාවෙන් හා විශ්වාසයෙන් යුතුව තම නායිකාව සමඟ බැඳීමේ ප්‍රකාශය කීවාය. ඉන්පසුව, නිහතමානීව සහ අවධානයෙන් යුතුව හුරුබුහුටි හා ජවයෙන් යුත් කුඩා දැරිය ඇගේ ගුරුවරයා පැවසූ සහ කරන ලද සෑම දෙයක්ම ඉතා හොඳින් අනුකරණය කළාය.
යේසුස්වහන්සේ වරක් පැවසුවේ “ගෝලයා ගුරුවරයාට වඩා උතුම් නැත. නුමුත් සම්පූර්ණත්වයට…
කඳුළු තුළ ආශීර්වාද
එංගලන්තයේ ජීවත්ව සිටින තරුණයෙකුගෙන් විද්‍යුත් තැපෑලක් මට ලැබුණි, ඔහුගේ පියා (හැටතුන් හැවිරිදි පමණ) ඉතා අසාධ්‍ය තත්ත්වයෙන්, එනම්, ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් රෝහල් ගතවී සිටි බව ඔහුගේ පුත්‍රයා පැහැදිලි කළේය. අපි කවදාවත් හමු නොවුණත්, ඔහුගේ පියාගේ රාජකාරිය සහ මගේ රාජකාරිය බොහෝ විට සමාන විය. පුතා විසින් තම පියා සතුටු කිරීමට උත්සාහ කරමින්, දිරිගැන්වීමේ සහ යාච්ඤාවේ වීඩියෝ පණිවිඩයක් එවන ලෙස මගෙන්…
ආශීර්වාද පෝෂකයාණෝ
1919 ජනවාරි 15 වන දින බොස්ටන්හි දැවැන්ත උක් පැණි ටැංකියක් පුපුරා ගියේය. අඩි පහළොවක් උස උක් පැණි ගැලුම් මිලියන දෙකකට වඩා, රැල්ලක් මෙන් පැයට සැතපුම් 30 කට වැඩි වේගයකින් වීදිය හරහා ගලා ගියේ රේල් කාර්, ගොඩනැගිලි, මිනිසුන් සහ සතුන් විනාශ කරමිනි. උක් පැණි එතරම් හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත්, එදින එය මාරාන්තික විය: එනම්, පුද්ගලයන් 21 දෙනෙකුට ජීවිත අහිමි වූ…
කිසිවක් නොමැතිව දිවීම
ගෝලීය සෞඛ්‍ය අර්බුදයට මැදිවූ හෙදියක් ලෙස තමා මුහුණ දුන් බලාපොරොත්තු සුන්වීමේ හැඟීම ගැන කතා කරන විට මගේ මිතුරිය ඇගේ කඳුළු අතරින් පැවසුවේ “මට තවදුරටත් මෙය නොකළ හැකි යැයි මම සිතමි. දෙවියන්වහන්සේ මා හෙද සේවයට කැඳවා ඇති නමුත්, රාජකාරිය අධික නිසා මම යටපත් වී හා චිත්තවේගීව වියැකී සිටිමි,” කියා ඇය සිතේ බරකින් පැවසුවාය. තෙහෙට්ටුවේ වලාකුළක් ඇය මතට පැමිණ ඇති බව දුටු…
විනාඩි හතක භීෂණයක්
2021 පෙබරවාරි 18 වන දින අඟහරු ග්‍රහලෝකයට “පර්සිවියරන්ස්” නම් ට්‍රැක්ටරයක් මෙන් යන්ත්‍රයක් ගොඩබසින විට, එය නිරීක්ෂණය කරමින් සිටි අය “විනාඩි හතක භීෂණයක්” විඳ දරාගත්හ. අභ්‍යවකාශ යානය සැතපුම් මිලියන 292ක ගමන අවසන් කරන විට, එය තනිවම කළ යුතු සංකීර්ණ ගොඩබෑමේ ක්‍රියාවලියක් හරහා ගියේය. අඟහරු ග්‍රහලෝකයේ සිට පෘථිවියට සංඥා ලබා ගැනීමට විනාඩි කිහිපයක් ගත වන අතර, ඒ නිසා ගොඩබෑමේදී නාසා ආයතනයට “පර්සිවියරන්ස්”…