තාපය වැඩි කරන්න
අප ජීවත් වන කොලරාඩෝහී ඌෂ්ණත්වය ඉක්මණින් වෙනස් විය හැකිය; සමහරවිට විනාඩි කිහිපයක් ඇතුළත. ඒ නිසා මගේ සැමියා වන ඩෑන් අපේ නිවස සහ ඒ අවට උෂ්ණත්ව වෙනස්කම් ගැන සොයා ගැනීමට ආශාවක් දැක්වීය. උපකරණවල රසිකයෙක් ලෙස ඔහු ඔහුගේ නවතම “සෙල්ලම් බඩුව” එනම් අපගේ නිවස වටා ඇති “කලාප” සතරකින් උෂ්ණත්ව කියවීම් පෙන්වන “උෂ්ණත්වමාපකයක්” ඇසිරීමෙන් පිටතට ගැනීමට උනන්දු විය. මම එය “මෝඩ” උපකරණයක් යයි…
පැනලා දුවන්න
සාම්ප්‍රදායික ජපන් සටන් කලාවක් වන “අයිකිඩෝ” පිළිබඳ හඳුන්වා දීමේ පාඩම ඇස-විවර කිරීමක් විය. සෙන්සි නොහොත් ගුරුවරයා අපට පැවසුවේ ප්‍රහාරකයෙකුට මුහුණ දෙන විට අපගේ පළමු ප්‍රතිචාරය විය යුත්තේ “පලා යාම” බවයි. “ඔබට පලා යාමට බැරි නම් පමණක් සටන් කරන්න” ඔහු බැරෑරුම් ලෙස කීවේය.
පලා යන්න? මම තුෂ්ණිම්භූත වුනෙමි. මෙම අතිදක්‍ෂ ආත්මාරක්‍ෂක උපදේශකයා අපට සටනකින් පලා යන ලෙස පැවසුවේ ඇයි? එහි ප්‍රතිවිරෝධී…
ත්‍යාගශීලි දීම
ජෙනරල් චාර්ල්ස් ගෝර්ඩන් (1833-1885) චීනයේ සහ වෙනත් තැන්වල වික්ටෝරියා රැජිනට සේවය කළ නමුත් එංගලන්තයේ ජීවත් වන විට ඔහු තම ආදායමෙන් සියයට 90 ක් ආධාර වශයෙන් ලබා දුන්නේය. ලැන්කෙෂයර්හී සාගතයක් ගැන ඔහුට ආරංචි වූ විට ඔහු ලෝක නායකයෙකුගෙන් ලැබුණු පිරිසිදු රන් පදක්කමක සෙල් ලිපිය ගළවා උතුරට යවා එය උණු කර දුප්පතුන්ට ආහාර මිළදී ගැනීමට මුදල් යොදවන ලෙස පැවසුවේය. එදින ඔහු තම…
අවසානයේ දී
ඥානකාන්ති (රිට්රීට්) වලට නායකත්වය දීමේ වරප්‍රසාදය මට බොහෝ විට ලබා දී ඇත. යාච්ඤා කිරීමට සහ මෙනෙහි කිරීමට දින කිහිපයක් ඉවත්ව යාම නිසා ගැඹුරින් පොහොසත් විය හැකි අතර වැඩසටහන අතරතුර සමහර විට සහභාගීවන්නන්ගෙන් අභ්‍යාසයක් කරන ලෙසට මම ඉල්ලා සිටිමි. “ඔබේ ජීවිතය අවසන් වී ඇති බවත් ඔබේ අවමංගල්‍යය දැන්වීම පුවත් පතේ ප්‍රකාශ කර ඇති බවත් සිතන්න. ඔබ කැමති වන්නේ එහි කුමක් තිබෙනවාටද?”…
ගැඹුරු සහ බැඳීමක් ඇති දෙයක්
ඉරාකයෙන් පැමිණි අමිනා සහ උපතේ සිට ආමරිකානුවෙක් වූ ජෝසප් ප්‍රතිවිරුද්ධ පැතිවල දේශපාලන විරෝධතාවයකට සහභාගී වූහ. ජනවාර්ගිකත්වයෙන් සහ දේශපාලනයෙන් වෙන්වූ අය එකිනෙකා කෙරෙහි අසීමිත වෛරයකින් සිටින බව විශ්වාස කිරීමට අපට උගන්වා ඇත. කෙසේ වෙතත්, කුඩා මැර පිරිසක් ජෝසප්ගේ කමිසයට ගිනි තැබීමට උත්සාහ කළ විට අමිනා ඔහුගේ ආරක්‍ෂාවට දුවගෙන ආවාය. “අපි මිනිසුන් ලෙස තවදුරටත් වෙන් වී සිටිය යුතු යයි මම නොසිතමි” කියා…
පලතුරු, ගස විකුණයි
ගොවිපොළක හිමිකාරියක් පීච් ගස් විකිණීමට පටන් ගත්තාය. ඇය විවිධ ප්‍රවේශයන් සළකා බැලුවාය. ඇය ලස්සන සන්දර්ශනයක ගොරෝසු ගෝනි වල කොළ පැළ පෙළට තැබිය යුතුද? වර්ධනයේ විවිධ කාල වලදී පීච් ගස් නිරූපණය කරන වර්ණවත් නාමාවලියක් නිර්මාණය කළ යුතුද? අවසානයේදී ඇත්තටම පීච් ගසක් විකුණන්නේ කෙසේදැයි ඇය වටහා ගත්තාය. එනම් මිහිරි සුවඳක් ඇති, තද තැඹිලි පැහැති සහ අවුල් කෙහෙ රැළි මෙන්වූ පොත්තක් ඇති පීච්…
සයිමන්ගේ නිවසේ ප්‍රබොධමත් විය
සයිමන්ගේ නිවසට ගිය මගේ ගමන අමතක නොවන එකක් විය. තරු එළිය සහිත අහසේ ආවරණය යටතේ කෙන්යාවේ එන්යාහුරුරු හි පිහිටි ඔහුගේ නිහතමානී නිවසට රාත්‍රී ආහාරය සඳහා අපි ගමන් කළෙමු. අපිරිසිදු පොළොව සහ පහන් ආලෝකය සයිමන්ගේ සීමිත ආර්ථිකය පිළිබිඹු කරයි. කෑම මේසයේ තිබුණු දේ මට මතක් කර ගත නොහැක. අපි ඔහුගේ අමුත්තන් වීම ගැන සයිමන්ගේ සතුට මට අමතක කළ නොහැකි දෙයක් වුනි.…
ස්වර්ගයෙන් ආහාර
2020 අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ඔල්ටෙන් හී පදිංචිකරුවන් හිම මෙන් චොකලට් අහසින් වැටෙනවා දැක පුදුමයට පත් වූහ. දේශීය චොකලට් කම්හලේ වාතාශ්‍ර පද්ධතියේ දෝෂයක් හේතුවෙන් චොකලට් අංශු වාතයට විසිරී ගොස් තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දූවිලි මෙන් රථවාහන සහ වීදි චොකලට් පෙති වලින් වැසී ගොස් මුලු නගරයම රස කැවිලි ගබඩාවක් මෙන් සුවඳවත් කළේය.
රසවත් ආහාර ස්වර්ගයෙන් වැටෙන බව මම කල්පනා කරන විට නික්මයාමේදී…
උන්වහන්සේට ආසා කරන්න
“මේ මම කන අන්තිම බැදුණු අල පෙත්තයි” කියා විනාඩි පහකට පසුව අපි තවත් හොයන්නේ ඇයි? මයිකල් මොස් විසින් ඔහුගේ “ලුණු සීනි හා මේදය” යන පොතේ එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. ඇමෙරිකාවේ විශාලතම අතුරු ආහාර නිෂ්පාදකයින් සෞඛ්‍යයට අහිතකර ආහාර වලට ආශා කරන්න මිනිසුන්ට “උදව්” කරන්නේ කෙසේද කියා ඔහු එහි විස්තර කරයි. ඇත්ත වශයෙන්ම එක් ජනප්‍රිය සමාගමක් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක්…
අසාමාන්‍ය ධෛර්යය
1478 දී ඉතලියේ ෆ්ලොරන්ස් හී පාලකයා වූ ලොරෙන්සෝ ද මෙඩිසි ඔහුගේ ජීවිතයට එල්ල වූ ප්‍රහාරයකින් බේරුණි. ඔහුගේ රටවැසියන් තම නායකයාට එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර දීමට උත්සාහ කළ විට යුද්ධයක් ඇවිළී ගියේය. තත්ත්වය නරක අතට හැරෙද්දී නේපල්ස් හී කුරිරු රජු වන 1 වන ෆර්රැන්ටේ රජු ලෝරන්ස්ගේ සතුරා බවට පත් වූ නමුත් ලොරෙන්සෝගේ නිර්භීත ක්‍රියාවක් සියල්ල වෙනස් කළේය. ඔහු නිරායුධව සහ…