අප සඳහා ස්ථානයක් සුදානම් කිරීම
අපේ පවුලේ අය බලු පැටියෙකු ලබා ගැනීමට සැළසුම් කරමින් සිටි නිසා මගේ එකොළොස් හැවිරිදි දියණිය මාස ගණනක් ඒ ගැන පර්යේෂණ කළාය. තවත් බොහෝ විස්තර සමග බල්ලා ආහාරයට ගත යුතු දේ සහ ඌව අපගේ නව නිවසට හඳුන්වා දෙන්නේ කෙසේද කියා ඇය දැන සිටියාය.
බලු පැටවුන්ට එක් වරකට එක් කාමරයක් හඳුන්වා දීම වඩාත් සුදුසු වන්නේය කියා ඇය මට කීවාය. එම නිසා අපි…
ස්තූතියි, නමුත් අවශ්‍ය නැත
ඉන්දියාවේ “ඕටිසම්” නොහොත් හුදකලාව සිටින්න රුචියක් දක්වන මානසිකත්වය ඇති දරුවන් සඳහා වූ පාසැලකට සංස්ථාවකින් විශාල පරිත්‍යාගයක් ලැබුණි. එම පරිත්‍යාගයන් සමග බලපෑම් තිබේදැයි පරීක්‍ෂා කිරීමෙන් පසුව මුදල් භාර ගනු ලැබූහ. නමුත් පසුව එම සංස්ථාව පාසැල් මණ්ඩලයේ නියෝජනයක් ඉල්ලා සිටියේය. පාසැල් අධ්‍යක්‍ෂකවරිය එම මුදල් ආපසු යැවුවාය. පාසැලේ අගයන්ට හානි වීමට ඉඩ දීම ඇය ප්‍රතික්‍ෂේප කළාය. “දෙවියන්වහන්සේගේ වැඩ දෙවියන්වහන්සේගේ ක්‍රමයට කිරීම වඩා වැදගත්ය”…
සූත්‍ර අවශ්‍ය නැත
ජෙන් තරුණ වියේදී ඇගේ ඉරිදා පාසැල් ගුරුවරිය විසින් ශුභාරංචිය බෙදා ගැනීම සඳහා දේව වචනයේ පද කිහිපයක් සහ සූත්‍රයක් කට පාඩම් කිරීමට ඔවුන්ගේ ඉවැන්ජලිස්ත පුහුණුව පිළිබඳ පන්තියට හොඳ හිතකින් උපදෙස් දුන්නාය. ජෙන් සහ මිතුරෙක් තවත් මිතුරියකට ශුභාරංචිය කථා කිරීමට ඉදිරියට ගියේ ඔවුන්ට වැදගත් පදයක් හෝ පියවරක් හෝ අමතක වේය යන බියෙනි. එම “සන්ධ්‍යාවේ තමන්ගේ යෙහෙළිය ස්වාමින්වහන්සේ වෙතට පැමිණියේද කියා ඇයට අමතක…
යුක්තිය සහ යේසුස්වහන්සේ
රෝමයේ පළමු අධිරාජ්‍යයා වූ සීසර් ඔගස්ටස්ට (ක්‍රි:පූ:63-ක්‍රි.ව.14) අවශ්‍ය වූයේ නීතිය හා සාමය පිළිබඳ පාලකයෙක් ලෙස ප්‍රසිද්ධ වීමටය. වහල් ශ්‍රමය, හමුදා ජයග්‍රහණ සහ මූල්‍ය අල්ලස් මත ඔහු තම අධිරාජ්‍යය ගොඩ නගා ගත්තද යම් නීතිමය ක්‍රියාවලියක් ප්‍රතිෂ්ඨාපනය කර ඔහුගේ පුරවැසියන්ට ලස්ටීශියා නම් වූ දේවතාවිය ලබා දුන්නේය. ඇය අද අපගේ යුක්තිය පසිඳා ලීමේ “ලේඩි ජස්ටිස්” නොහොත් “යුක්තියේ ආර්යයාව” ලෙස හැඳින්වේ. එසේම ඔහු කැඳවූ…
ඉන්නන් සහ සියල්ල
“එංගලන්තයේ ආරක්‍ෂකයා” ලෙස හඳුන්වනු ලැබූ ඔලිවර් ක්‍රොම්වෙල් දහහත් වන සියවසේ හමුදාපති වරයෙකි. වැදගත් පුද්ගලයන්ගේ චිත්‍ර ඇඳීම ඒ කාලයේ සාමාන්‍ය සිරිතක් වුනි. එසේම පුද්ගලයෙක්ගේ මුහුණෙහි අඩු ආකර්ශණීය අංග නිරූපණය කිරීමෙන් චිත්‍ර ශිල්පියෙක් වැළකී සිටීම අසාමාන්‍ය දෙයක් නොවේ. කෙසේ වෙතත් තමාව අධික ලෙස ප්‍රශංසාවට ලක් කෙරෙන චිත්‍රයක් සමග සම්බන්ධ වීමට ක්‍රොම්වෙල්ට අවශ්‍ය වූයේ නැත. ඔහු කලාකරුවාට අවවාද කළේය. “ඔබ මා සිටින ආකාරයටම…
ආදර ගීතය
එය සෙනසුරාදා දහවල් නිස්කලංක ගං ඉවුරේ උද්‍යානයක් වූ අතර ව්‍යායාම්වල යෙදෙන අය එසේ කරති. මාළු අල්ලන කූරු කැරකෙති. මුහුදු ලිහිණියෝ මාළුන්ටත් චිප්වලටත් පොරකති. මමත් මගේ බිරිඳත් ජෝඩුවක් දෙස බලා සිටියෙමු. ඔවුන් වයස අවුරුදු හතළිස් ගණන් පමණ වන අපට නොතේරෙන භාෂාවක් කථා කරමින් සිටියහ. ස්ත්‍රිය පුරුෂයාගේ ඇස් දෙස බලා සිටියාය. ඔහු නිදහසින් ඔහුගේම භාෂාවෙන් ප්‍රේම ගීතයක් ඇයට ගායනා කළ අතර අප…
අවිනිශ්චිතතාවයට මුහුණ දීම
අපි ජීවත් වන්නේ කඩදාසි තුවායේ සිට ජීවිත රක්‍ෂණය දක්වා පුළුල් පරාසයක තේරීම් සපයන ලෝකයකය. 2004 දී මනෝවිදාඥ බැරී ෂ්වාට්ස් ලියූ “ද පැරඩොක්ස් ඔෆ් ලයිෆ්” නම් පොතේ ඔහු තර්ක කළේ තේරීමේ නිදහස අපගේ යහ පැවැත්මට වැදගත් වන අතර බොහෝ තේරීම් අවස්ථාවන් මනසට අධි බරක් සහ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැකි බවයි. කුමන කඩදාසි තුවායක් මිළදී ගත යුතුද යන්න තීරණය කිරීමේදී…
එළිදරව්ව සහ නැවත සහතික කිරීම
2019 දී ළදරු ලිංගභේදය හෙළිදරව් කිරීම නාට්‍යාකාරයෙන් සිදු විය. ජූලි මාසයේදී මෝටර් රථයක් නිල් පැහැති දුමක් නිකුත් කරන වීඩියෝ පටයකින් දැන්වූයේ “ඒ පිරිමි දරුවෙක්” කියාය. සැප්තැම්බර් මාසයේදී ටෙක්සාස් ප්‍රාන්තයෙහි ගුවන් යානයක් රෝස පැහැති ජලය ගැලුම් ගණනක් ගුවනින් පහළට වත් කළේ “ඒ ගැහැණු දරුවෙක්” කියා දැන්වීමටය. මෙම දරුවන් හැදී වැඩෙන ලෝකය පිළිබඳ වැදගත් කරුණු අනාවරණය කරන තවත් “එළිදරව්වක්ද” සිදු විය. 2019…
සියලුම කුඩා හා විශාල සත්වයන්
මිෂෙල් ග්‍රාන්ට් විසින් ටිම්බර් නම් වූ ජලාශ්‍රිත ලොමින් වැසුණු මුගටියෙක් වැනි බීවර් පැටියෙකුට නැවත වනයට යාමට පුහුණු කරන ලදී. ඌව පොකුණක පිහිනීමට ගෙන ගිය විට ඌ නැවත ඇගේ සැහැල්ලු ඔරුව වෙත පැමිණෙන්නේ ඇයට තුරුල්ව නාසයට නාසය ඇතිල්ලීමටය. එක් උදෑසනක ටිම්බර් නැවත පැමිණියේ නැත. අත හැරීමට පෙර මිෂෙල් පැය හයක් පොකුණ ඉතා හොඳින් සෝදිසි කළාය. සති කිහිපයකට පසු ඇය බීවර් හිස්…
අලංකාර පාද
ජෝන් නෑෂ් 1994 දී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූවේ ගණිතය පිළිබඳ ඔහුගේ පුරෝගාමී මෙහෙය අගයමිනි. තරඟකාරිත්වයේ ගතිකත්වය (වෙනස්කම් ඇති කිරීමට පොළඹවන බලයන්) අවබෝධ කර ගැනීම සඳහා ඔහුගේ සමීකරණ ලොව පුරා ව්‍යාපාර විසින් භාවිතා කර ඇත. පොතකින් සහ පූර්ණ දිගු චිත්‍රපටියකින් ඔහුගේ ජීවිතය ලේඛණගත කර ඇති අතර ඔහු “ලස්සන මනසක්” ඇති අයෙක් ලෙස හඳුන්වනු ලබයි. එනම් ඔහුගේ මොළයට කිසියම්…